ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම සඳහා ද්‍රවිඩ දේශපාලන පක්ෂ දෙකක් ඇතුලූ දේශපාලන පක්ෂ 14ක් අද (04දා) පෙරවරුවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.
ගිවිසුම් අත්සන් තැබීම මිරිහානේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී සිදුවිය.