මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරය දරන කැබිනට් ඇමැතිවරුන් පහළොස් දෙනකුගෙන් යුත් භාරකාර රජයක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
අද (20 දා) පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණ පක්‍ෂ නායක රැස්වීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයිද ඒ අනුව වත්මන් රජය විසිරෙනු ඇති බවද එම ආරංචි මාර්ග පැවසීය.
නව අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය හෙට (21 දා) දිවුරුම් දෙනු ඇතැයි ද එම දේශපාලන ආරංචි මාර්ග පැවසීය.
මේ අනුව නව භාරකාර රජය 2020 වසරේ මාර්තු මස 2 වැනිදා තෙක් පැවැත්වෙන බවත් අනතුරුව මහා මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
0 Comments