විදෙස්‌ ශ්‍රමිකයන් ලක්‌ෂ 2 1/2 ක්‌ ඡන්දය දෙන්න එති

ශ්‍රී ලංකා ඉතිහාසයේ මුල් වරට ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිතා කිරීම පිණිස ලක්‌ෂ 2 1/2 ක අතිවිශාල විදේශගත ශ්‍රී ලාංකිකයන් පිරිසක්‌ මෙරටට පැමිණ ඇත.
 
 බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ස්‌විට්‌සර්ලන්තය, එක්‌සත් එමීර් රාජ්‍යය, ඕමානය, කටාරය, ඉතාලිය, කැනඩාව, ඇමරිකාව, සහ ඔස්‌ටේ්‍රලියාව යන රටවල සිට මෙම ශ්‍රී ලාංකිකයන් පැමිණ තිබේ.
 
 මින් වැඩිම පිරිසක්‌ පැමිණ ඇත්තේ ඩුබායි සිටය. ශ්‍රී ලාංකිකයන් එක්‌සත්ව මෙරටට පැමිණි මුල් වතාව මේ බව බ්‍රිතාන්‍ය නීතිවේදී රිශ් උඩවත්ත පැවැසීය.
 
 ඇතැම් ශ්‍රී ලාංකිකයන්ට තමන් රාජකාරී කරන ස්‌ථානවලන් නිවාඩු ලබා ගැනීමේ දුෂ්කරතා පවා මතුවුණා යෑයි පැවසීය.
 
 මැද පෙරදිග රැකියාවල නිරත පිරිස්‌වලට අමතරව නීතිවේදීන්, වෛද්‍යවරුන්, තාක්‌ෂණ නිලධාරීන් සහ ඉංජිනේරුවරුන් ද ඡන්දය පාවිච්චි කිරීම සඳහා මෙරටට පැමිණ ඇත.
 
 මෙවර ඊශ්‍රායලයේ සේවය කරන විදේශගත ශ්‍රී ලාංකිකයන් රැසක්‌ද මෙරටට පැමිණ තිබේ.

Post a Comment

0 Comments