ජනතා ප‍්‍රශ්න පැය 24කදී විසඳන ඒකකයක් හදනවා - සජිත් පේ‍්‍රමදාස

සෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ජාතික සංවර්ධන ජනාධිපති ඒකකය බැගින් ස්ථාපිත කර එම ඒකකවලට ලැබෙන ජනතා ප‍්‍රශ්නවලට පැය 24 ක් තුළ විසඳුම් දීමට පියවර ගන්නා බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පැවැසීය.

දැදිගම මැතිවරණ කොට්ඨාසයේ වරකාපොළ මහජන ක‍්‍රීඩාංගණයේ පෙරේදා (02 දා) පැවැති ජනහමුවට එක්වෙමින් සජිත් පේ‍්‍රමදාස මහතා මෙම අදහස් දැක්වීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. රටේ ජනාධිපතිවරු දිනලා මන්දිරවලට යනවා. හැබැයි ජනතාවට ඔවුන් සමග සම්බන්ධ වෙන්න විදියක් නැහැ. මම ඒ ක‍්‍රමය වෙනස් කරනවා. ශ‍්‍රී ලංකාවේ සෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ජාතික සංවර්ධන ජනාධිපති ඒකකය බැගින් ස්ථාපිත කරල පොදු ජනතාවට තමන්ගේ පෞද්ගලික දුක්ගැනවිලි රටේ ජනාධිපතිට කියන්න අවස්ථාව ලබා දෙනවා. මේ ඒකකයට ජනතාව ප‍්‍රශ්නයක් ඉදිරිපත් කළාම පැය 24 ක් තුළ විසඳුම් දීමට මා පියවර ගන්නවා.