මාලි රාජ්‍යයේ දැනට සාමසාධක රාජකාරීවල නිරතව සිටින යුද හමුදා සාමාජිකයින් 196 දෙනෙකුගෙන් සමන්විත සංග්‍රාමික රථ ආරක්ෂක කණ්ඩය එළඹෙන (14) වැනිදා මව්බිම බලා නැවත පැමිණීමට නියමිතව ඇති බව හමුදාව පවසයි.
යුද හමුදාවේ සංග්‍රාමික රථ ආරක්ෂක කණ්ඩයට රෙජිමේන්තු 13 ක් නියෝජනය කරමින් නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයන් 223 අයත් වන අතර මෙම කණ්ඩායම අද (06) කුරුණෑගල බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේදී යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත හමුදා ගෞරවාචාර පිරිනැමූහ.
එහිදී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආචාර පෙළපාලිය පරීක්ෂා කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.







0 Comments