ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු එළඹෙන 13 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.
ඉන් අනතුරුව එළඹෙන 16 වන සෙනසුරාදා දක්වා නිහඬ කාලසීමාව ලෙස මැතිවරණ කොමිෂන් සභාව නම් කර ඇති අතර එම කාලය තුළ කිසිදු ආකාරය ප්‍රචාරක කටයුත්තක් තහනම් වන බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.
ඉන් අනතුරුව එළඹෙන 16 වන සෙනසුරාදා දක්වා නිහඬ කාලසීමාව ලෙස මැතිවරණ කොමිෂන් සභාව නම් කර ඇති අතර එම කාලය තුළ කිසිදු ආකාරය ප්‍රචාරක කටයුත්තක් තහනම් වන බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.
යම් කිසි පාර්ශවයක් ජනාධිපතිවරණ අපේක්ෂක වන ආකාරයෙන් හෝ කිසියම් අපේක්ෂකයින් අගතියට පත් වන ආකාරයෙන් කටයුතු කිරීම දඬුවුවම් ලැබිය හැකි වරදක් බව ද කොමිෂන් සභාව පෙන්වා දෙයි.
විද්‍යුත් හෝ මුද්‍රිත ක්‍රම මඟින් සහ වෙනත් කිසිදු ආකාරයකින් ප්‍රචාරක කටයුතු 13 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව තහනම් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
ජනාධිපතිවරණයට අදාළව ඔක්තෝබර් මස 07 වැනිදා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව ප්‍රචාරක කටයුතු ආරම්භ වුණි.
මේ අතර ජනාධිපතිවරණය සඳහා තවත් ඉතිරිව ඇත්තේ සතියකටත් අඩු කාලයක්.
මේ අතර ජනාධිපතිවරණය සඳහා තවත් ඉතිරිව ඇත්තේ සතියකටත් අඩු කාලයක්.
ජනාධිපතිවරණ අපේක්ෂකයින් මේ වන විට ඔවුන්ගේ ජය තහවුරු කිරීමේ අවසන් රැලි පවත්වමින් සිටින අතර හවුල්කාර පක්ෂ ද දිවයින පුරා ජන හමු පවත්වමින් සිටියි.
0 Comments