පවතින ගෑස් හිඟය හේතුවෙන් දිවයිනේ මේ වනවිට තරු ගණයට අයත් නොවන හෝටල්, ආපනශාලා 3500 ක් පමණ වසා දමා ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ‘‘දිවයින’’ ට ඊයේ (03 වැනිදා) පැවැසීය.
එසේම එදිනෙදා නිවෙස්වල සහ මඟතොට හිද ඉඳිආප්ප, වඬේ, රටකජු, සමෝසා, කඩල, පිට්ටු, රොටි නිෂ්පාදනය කර අලෙවි කරන වෙළෙඳුන් විශාල පිරිසක්ද ගෑස් හිඟය හේතුවෙන් දැඩි ආර්ථික අපහසුතාවයකට පත්ව සිටින බවද හෙතෙම කීය.
ගෑස් හිඟයට රජය මැදිහත් වී විසඳුමක් ලබානොදෙන්නේ නම් ඉදිරි දින දෙක තුළ සියලූම හෝටල්, ආපනශාලා වසා දමා රජයට එරෙහිව විරෝධය පළකරන බවද හෙතෙම සඳහන් කළේය.