ජනාධිපතිවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කරන සෑම ඡන්ද දායකයකු වෙනුවෙන් රජය රුපියල් 360ක මුදලක් වැයකරන බව මැතිවරණ ප‍්‍රචණ්ඩක‍්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා ඊයේ (05 දා* පැවසීය.
ජනාධිපති මැතිවරණයට රුපියල් කෝටි 550 ක් වැයවන බවට මැතිවරණ කොමිසම කර ඇති ප‍්‍රකාශය සහ සසඳා මෙම ගණනය කිරීම කළ බවද මංජුල ගජනායක මහතා කියා සිටියේය. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
2005 වසරේදී ජනාධිපති මැතිවරණය සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 712 ක් වියදම් කිරීමේදී එක් ඡන්ද දායකයකු වෙනුවෙන් රුපියල් 54 ක්ද, 2010 ජනාධිපති මැතිවරණයේදී මැතිවරණ දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 1825 ක් වියදම් කිරීමේදී එක් ඡන්ද දායකයෙකු- වෙනුවෙන් රුපියල් 132 ක්ද, 2015 ජනාධිපතිවරණයේදී මැතිවරණ දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 2705 ක් වියදම් කිරීමේදී එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් රුපියල් 180 ක් වැය කළ බවද ඒ මහතා වැඩිදුරටත් කීය.
0 Comments