ෆේස් බුක්වලට එරෙහිව පැමිණිලි 400ක් පැෆරල් කියයි

ජනාධිපතිවරණයට අදාළව ‘‘ෆේස් බුක්’’ සමාජ මාධ්‍යයට පමණක් එරෙහිව මේ වන විට පැමිණිලි 400 ක් පැෆරල් සංවිධානයට ලැබී ඇතැයි එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘‘දිවයින’’ට ඊයේ (10 දා) පැවසීය.

මෙහිදී වැරදි තොරතුරු සහ වෛරී ප‍්‍රකාශ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙන බවත් එම පැමිණිලි සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කළ බවත් ඒ මහතා කීය.

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අවසන් කළ යුතු (14 දා) කාලසීමාව තුළ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය එය ඉටුකරනු ලැබුවත් සමාජ මාධ්‍ය විසින් එය ඉටුකරනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවද හෙට්ටිආරච්චි මහතා කීය.

පැෆරල් සංවිධානයට ෆේස් බුක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් එම ආයතනය සමග සාකච්ඡුා කළ බවත් එයට නිසි විසඳුමක් නොලැබීම නිසා මැතිවරණ කොමිෂන් සභාවට දෛනිකව තම සංවිධානයට ලැබෙන පැමිණිලි යොමු කරන බවත් ඒ මහතා පැවසීය.

Post a Comment

0 Comments