කොළඹ රාජකීය විදුහලේ ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ රාජකාරි කටයුතු සඳහා පැමිණි නිලධාරීන් හා නිලධාරිනියන්ට ඊයේ (15 දා) දහවල් ලබා දුන් ආහාර විෂවීමෙන් 58 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි එම රෝහල් ප්‍රකාශිකාවක් "දිවයින"ට පැවසුවාය.
ඔවුන් අදාළ ආහාර ගැනීමෙන් පසු බඩේ අමාරුව, වමනේ යැම සහ හිසේ අමාරුව හේතුවෙන් රෝහල් ගත කළ බව රෝහල් ප්‍රකාශිකාව කියා සිටියාය.
මෙම ආහාර විෂවීම සම්බන්ධයෙන් මේ වන විට කුරුඳුවත්ත පොලිසිය පරීක්‍ෂණයක් අරඹා තිබේ.
0 Comments