65 ට වැඩි රැඳවියන් 284 කට ජනාධිපති සමාව
වයස අවුරුදු 65 ට වැඩි බන්ධනාගාර ගතව සිටි රැඳවියන් 284 ක් ජනාධිපති පොදු සමාව යටතේ මුදා හැරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඊයේ (20 දා) පියවර ගෙන ඇත.දිවයින පුරා පිහිටි බන්ධනාගාරවලින් මෙම නිදහස් කිරීම සිදුකර තිබෙන අතර මත්ද්‍රව්‍ය ජාවාරම්, ස්ත‍්‍රී දූෂණ, මිනීමැරුම් ඇතුළු වැරදි 32 කට අයත් නොවන පිරිස මෙසේ නිදහස් කර ඇත.වයස අවුරුදු 65 ට වැඩි පිරිස් මුදා හැරීමට කටයුතු කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ඉල්ලා තිබූ අතර එය ලැබීමෙන් පසු නිදහස් කිරීමට අනුමැතිය හිමිව තිබුණි. ජනාධිපතිවරණයට පෙර අනුමැතිය හිමිව තිබුණත් ඔවුන් නිදහස් කිරීම ඊයේ බන්ධනාගාර කිහිපයකදී සිදුවිය.
0 Comments