ශ්රී ලංකාවේ හත්වැනි විධායක ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමේ උත්සවය අනුරාධපුර රුවන්වැලි සෑය පාමුල සලපතල මළුවේදී ආරම්භ විය.
12.19 AM හත්වැනි විධායක ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පිරිත් දේශනා කරමින් ආශීර්වාද කිරිම ආරම්භ කළේය.
12.12 AM රටේ යහපත වෙනුවෙන් විධායක බලතල ක්රියාත්මක කිරීමට පසු භට වෙන්නේ නෑ.මගේ ප්රතිපත්ති අනුව කටයුතු කළ හැකි නව රජයක් මම පිහිටුවනවා.මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා.මගේ රට ගැන දැක්මක් තිබෙනවා. අනාගත පරපුර වෙනුවෙන් සෞභාග්යමත් දේශයක් ගොඩ නැගීමට එක්වන ලෙස සියලුම ශ්රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
12.07 AM ප්රතිපත්ති ප්රකාශනයේ සඳහන් කරුණු සියල්ලම ක්රියාත්මක කරනවා.
ජාතික ආරක්ෂාව තහවුරු කිරම මගේ රජයේ මූලික අරමුණක් වෙනවා.අපේ රට පාතාලයෙන්, මත්ද්ය ජාවාරම්කරුවන්ගෙන්, කප්පම්කරුවන්ගෙන්, ත්රස්තවාදයෙන් තොර රටක් බවට පත්කරනවා.අපි සෑම රටක් සමගම මිත්රශීලිව කටයුතු කරනවා.
12.03 AM මේ ජයග්රහණයේ ප්රධානම සාධකය මේ රටේ බහුතර සිංහල ජනතාවයි.සිංහල ජනතාවගේ සහායෙන් පමණක් ජනපති ලෙස පත්විය හැකි බවට දැනගෙන සිටියත් දමිල හා මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටියා මට සහාය දක්වන ලෙස. නමුත් එයට ප්රතාචාර යහපත් මට්ටමක තිබුණේ නෑ. මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මා සමග එක්වන ලෙසයි
11.54 AM හත්වැනි විධායක ජනපති ලෙස දිවුරුම් දුන් ජනපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය ඇමතීම ආරම්භ කළේය.
11.50 AM ශ්රී ලංකාවේ 7 වැනි විධායක ජනපති ලෙසගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දෙයි. ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව කටයුතු කරන බව දිවුරුමෙන් ප්රකාශ වෙයි. | |
ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුගමනය කර කටයුතු කරනවා. ශ්රී ලංකාව තුළ හෝ ඉන් පිටතදී වෙනත් රාජ්යයක් බිහිකිරීමට ආධාර අනුබල නොදෙන බවට ගෞරව බහුමානයෙන් ප්රකාශ කරමි
11.46 AM ශ්රී ලංකාවේ 7 වැනි විධායක ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමට අදාළ නිවේදනය ජනපති ලේකම් උදය අර්. සෙනෙවිරත්න මහතා විසින් ප්රකාශයට පත්කරයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාද එම ස්ථානයේ සිටියි.11.39 AM තම දිවුරුම්දීමේ උත්සවයට එක්වීමට අනුරාධපුර රුවන්වැලි මහා සෑ පරිශ්රයට පැමිණි හත්වැනි විධායක ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමුව ආගමික වතාවත් නිරතවිය.11.34 AM හත්වැනි විධායක ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතගේ දිවුරුම් දීමේ උත්සවයට එක්වීමට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාත් අනුරාධපුර රුවන්වැලි සෑය අභියසයට පැමිණියහ. |
0 Comments