පළාත් පාලන මැතිවරණයේදී අත ලකුණින් සහ බුලත් කොළය ලකුණින් තරග කළ ප‍්‍රාදේශීය සභා නගර සභා සහ මහ නගර සභාවලට තේරී පත් වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන් 800 ක් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය රැුකගැනීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට සහාය පළ කළ බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සුරැුකීමේ සංවිධානයේ කැඳවුම්කරු බණ්ඩාර අතුකෝරල මහතා ‘සුසර’ට ඊයේ (11 දා) පැවසීය.
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය, පොදුජන පෙරමුණට පාවාදීමට දයාසිරි ජයසේකර, රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහත්වරුන් ඇතුළු කණ්ඩායම ගත් තීරණයට විරෝධය පළ කරමින් මෙම පළාත් පාලන මන්තී‍්‍රවරුන් හිටපු ජනාධිපතිනියට සහය පළ කර තිබේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පළාත් පාලන මන්තී‍්‍රවරු 10360 දෙනෙක් තේරී පත්වූහ.
වැඩි දුරටත් කරුණු දැක්වූ අතුකෝරල මහතා ජනාධිපතිවරණයට පෙර තවත් මන්තී‍්‍රවරු 100 ක් හිටපු ජනාධිපතිනිය සමග එක්වීමට කැමැත්ත පළකර ඇතැයි ද පැවසීය. විනය පරීක්‍ෂණවලට බිය නොවන ලෙසත් 17 වැනිදාට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ නායකත්වය තමන් භාර ගන්නා බවත් මෙහිදී හිටපු ජනාධිපතිනිය මන්තී‍්‍රවරුන්ට ප‍්‍රකාශ කළ බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.
0 Comments