මැතිවරණ නීති උල්ලංඝනය කළ සැකකරුවන් 83 දෙනකු ඊයේ (14දා) වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
ජනාධිපතිවරණයට අදාළ ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (14දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
අද (15 දා) උදෑසන වන විට පොලිසිය සිය මැතිවරණ රාජකාරි ආරම්භ කරන බවත් පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනාධිපතිවරණයට අදාළව දිවයිනේ පොලිස් ස්ථාන වෙත මේ වන විට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 105 ක් බවත්, එයට අමතරව නීති උල්ලංඝනය කිරීම් 111 ක් ලැබී ඇති බවත් කියා සිටියේය.
ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් අදාළ පළාත් වෙත තවදුරටත් පිටව යමින් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.
නිලධාරීන් අවම ප්‍රදේශයක් සිටින තැන්වලට මෙම නිලධාරීන් පිටව ගිය බවත් පැවසූ රුවන් ගුණසේකර මහතා, සෑම පොලිස් නිලධාරියකුම විශේෂ රාජකාරි වෙනුවෙන් ඒ ඒ පොලිස් ස්ථාන වෙත ගොස් ඇති බවද පැවසීය.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වෙනුවෙන් මේ දක්වා සැකකරුවන් 83 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉදිරි පියවර ගන්නා බවද සඳහන් කර සිටියේය.

0 Comments