මෙම නොවැම්බර් මස 13 වැනිදා වනවිට රත්නපුර දිස්‌ත්‍රික් ලේකම් කාර්යාලයට ලැබී ඇති මැතිවරණ පැමිණිලි 225 න් සියයට අනූපහක් බොරු පැමිණිලි බව රත්නපුර තේරීම් භාර නිලධාරී, සහ දිසාපති මාලනී ලොකුපෝතාගම මහත්මිය 13 දා පැවසුවාය. ජනාධිපති මැතිවරණයේදී රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ඡන්දය ප්‍රකාශ කෙරෙන ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම අරභයා රත්නපුර දිස්‌ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ඇය මෙසේ පැවසුවාය.
මෙම ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ඡන්ද දායකයන් 864978 දෙනකු සුදුසුකම් ලැබ සිටින අතර දිස්‌ත්‍රික්‌කයේ ඡන්ද මධ්‍යස්‌ථාන 627 කි. රත්නපුර දිස්‌ත්‍රික් ලේකම් කාර්යාලය සහ රත්නපුර කාර්මික විද්‍යාලය වශයෙන් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්‌ථාන 2 ක් සූදානම් කර ඇත.
ඡන්දය ප්‍රකාශ කරන දිනයේ දී ඇතිවන ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා හදිසි ආපදා කමිටුවක් පිහිටුවා ඇති බවත් පස් කඳු කඩා වැටීම හා නාය යැමේ අවදානමක් ඇති ප්‍රදේශවල මාර්ග දෙපස පස් ඉවත් කිරීමේ යන්ත්‍ර මේ වනවිටත් ස්‌ථානගත කර ඇති බවත් ආපදා අවස්‌ථා හේතුවෙන් කිසිදු මධ්‍යස්‌ථානයක ඡන්ද ශූන්‍ය නොකරන ලෙසට ඡන්ද ස්‌ථානාධිපතිවරුන්ට උපදෙස් දී ඇති බවත් මෙහිදී ප්‍රකාශ විය.
0 Comments