පරාජයෙන් වියරු වැටී සිටින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම ඇතැම් මාධ්‍යද, භාවිත කරමින් පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ගම්පහ දිස්ත්‍රිකයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුවේට් කාර්යාලය වවෘත කිරීමේ අවස්තාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මැතිවරණය සඳහා සිය මඩ ව්‍යාපර ගෙන ඒමට උත්සහ දරණ බවත් එය සඳහා මෙරට ජනතාව හොඳින් සූදානම් වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
මේ අතර මඩ පෝස්ටර් ගසනු ලබන පුද්ගලයින්ට එරෙහිව නීතිය අතර ගැනීමට ගම්වල සිටින ජනතාව සූදානමින් සිටින බව ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මාධ්‍යවේදීයෙකු විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුර දෙමින් මන්ත්‍රීවරයා කියා සියියේ පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය විදේශ ගමන් බල පත්‍රය මේ වන විට ඇත්තේ අධිකරණයේ බවත් ඒ පිළිබඳව ප්‍රචාරය වන සියලුම තොරතුර අසත්‍ය බවයි.
0 Comments