දෙරණ “බැට්ල් ඔෆ්ද බෑන්ඩ්” ජයග්‍රාහකයින්














දෙරණ “බැට්ල් ඔෆ්ද බෑන්ඩ්” සීසන් වන් අවසන් මහා තරඟය අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ(03) රාත්‍රියේ පැවැත්වුණි.
දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් රැසක් මෙන්ම ගායක ගායිකාවන් මෙන්ම කලා ශිල්පීන්ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියේය.
ඒ අනුව ජනප්‍රියතම සංගීත කණ්ඩායම ලෙස “බැක්ටු බැක්” සංගීත කණ්ඩායම සම්මානයෙන් පිදුම් ලැබුවේය.
එකෝස්ටික් අංශයේ ශූරතාවය “ප්‍රොෆෙසර්” සංගීත කණ්ඩායම හිමි කර ගැනීමට සමත් වුණි.
ඉලෙක්ට්‍රොනික් බීම් අංශයේ ශූරතාවය හිමි කර ගත්තේ “ඩී සෙවන්” සංගීත කණ්ඩායමයි.