ගෝඨාට සජිත්ට වඩා උ/නැ දෙමළ ජනතාවට ශිවාජිලිංගම් විශ්වාසලූ

උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ප‍්‍රධාන සිංහල අපේක්‍ෂකයන් දෙදෙනාට වඩා තමන් කෙරෙහි විශ්වාසය තබා ඇති බව  ජනාධිපති ධුර අපේක්‍ෂක එම්. කේ. ශිවාජිලිංගම් මහතා 10 දා සවස වවුනියාවේදී පැවසීය.

ජනාධිපතිවරණයට සහාය ලබා ගැනීම සඳහා පවත්වන ලද රැුස්මවීකදී අදහස් දැක්වූ සිවාජිලිංගම් මහතා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය සහාය දක්වන සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දැක්වීම විශාල ප‍්‍රමාණයක දෙමළ ජන කොටසක් ප‍්‍රතික්ෂේප කරන බවයි.

එමෙන්ම ඊ. පී. ඞී. පී. නායකයාගේ ප‍්‍රධානත්වයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය ඉල්ලා සිටින පිරිස විසින් කරන ලද ඉල්ලීම් කෙරෙහිද දෙමළ ජනතාවගේ විශාල ප‍්‍රසාදයක් නොමැති බව ශිවාජිලිංගම් මහතා මෙහිදී සඳහන් කළේය.

විවිධ පාර්ශවවල ඉල්ලීම්වලට අනුව උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාවගෙන් විශාල ප‍්‍රමාණයක් මෙවර ජනාධිපතිවරණය වර්ජනය කරන බව ප‍්‍රකාශ කොට ඇති නිසා ඔවුන් සියලූම දෙනා දැනුවත් කොට ඔවුන්ගේ සහාය ලබාගැනීමේ වැඩපිළිවෙළක් තමන් උතුරු ප‍්‍රදේශය තුළ දියත් කරන බවද ශිවාජිලිංගම් මහතා මේ රැුස්වීමේදී කියා සිටියේය.

Post a Comment

0 Comments