මිලේනියම් චැලෙන්ඡ් කෝපරේෂන් (එම්.සී.සී.) ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා පර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බව ඇමෙරිකා එක්‌සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනය මෙසේය.
මිලේනියම් චැලෙන්ඡ් කෝපරේෂන් අනෙකුත් සියලුම හවුල්කාර රටවල ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තියට අනුකූලව, ප්‍රදාන ආධාර ගිවිසුම අත්සන් කළ පසු, ශ්‍රී ලංකා රජය එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට යවනු ඇත. එවිට ගිවිසුම සමාලෝචනය කිරීමට පාර්ලිමේන්තුවට ප්‍රමාණවත් අවස්‌ථාවක් ලැබෙනු ඇත.
එම සමාලෝචන කාලය තුළ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සහ ප්‍රවාහන සහ ඉඩම් පරිපාලනය වැඩි දියුණු කිරීම සඳහා සැලසුම් සකස් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරනු ඇත. මෙම ප්‍රදාන ආධාර ගිවිසුම මගින් ශ්‍රී ලාංකිකයන් මිලියන 11 කට අධික සංඛ්‍යාවක් සෘජු ප්‍රතිලාභ ලබන අතර ආර්ථික වර්ධනය අර්ථවත් ලෙස උත්තේජනය කරනු ඇත.
ප්‍රදාන ආධාර ගිවිසුමට රජයේ සහ ජනතාවගේ සහයෝගය ඇති බව සහතික කර ගැනීම සඳහා එම්.සී.සී. ආයතනයට පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය වේ.