ලබන මහ මැතිවරණයෙන් පසු බොදු බල සේනාව විසුරුවනවා


බොදු බල සේනා සංවිධානය විසුරුවා හැරීමට කටයුතු කරන බව එම සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (19 වැනිදා) පැවසූහ.
 
 එළැඹෙන මහ මැතිවරණයෙන් අනතුරුව එය ක්‍රියාවට නංවන බව උන්වහන්සේ කීහ.
 
 අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයත් සමග මිථ්‍යාව පරදා ධර්මය ජයග්‍රහණය කර ඇති බවත් දැන් සිංහලයාට සහ රටට සැබෑ නායකයකු බිහි වී ඇති බවත් පැවසූ ඥානසාර හිමියෝ තම සංවිධානය කළ කාර්යභාරයේ වගකීම නව ජනාධිපතිවරයාගෙන් ඉටුවනු ඇතැයි විශ්වාස කරන බවත් කීහ.
 
 මේ වනවිට මේ රට භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ දේශපාලන නායකත්වයක් නොව අධ්‍යාත්මික නායකත්වයක් බවත් එහෙයින් ඒ වෙනුවෙන් සිය කාලය වැය කරන බවත් ඥානසාර හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.
 
 යම් කාලයක නැවතත් බොදු බල සේනා සංවිධානයේ අවශ්‍යතාව රටට අවශ්‍ය වුවහොත් බොදු බල සේනා සංවිධානය නැවත පණගන්වා ජාතික කර්තව්‍යයට උරදෙන බවත් උන්වහන්සේ පැවසූහ.
 
 ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම අදහස් පළ කළේ රාජගිරිය නාවල පාරේ පිහිටි ශ්‍රී සද්ධර්මරාජික විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බවද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ තවදුරටත් පවසා ඇත.

Post a Comment

0 Comments