ආරක්‍ෂක අංශ ප්‍රතිසංස්කරණය හා වගවීමේ ක්‍රියාවලිය ගැන ඇමරිකාවෙන් ජනපතිට ඉල්ලීමක්
ආරක්‍ෂක අංශ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය සහ යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන්ට එරෙහි වගවීමේ ක්‍රියාවලිය සහ මානව හිමිකම් ආරක්‍ෂා කිරීම යන කරුණු මත කටයුතු කරන්නැයි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා ඇත. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම ඉල්ලීම කර ඇත්තේ නිවේදනයක් නිකුත් කරමිනි. ශ්‍රී ලංකාව ආරක්‍ෂක අංශ ප්‍රතිසංස්කරණයට සහ වගවීමේ ක්‍රියාදාමයට එකඟ වූ බව දක්වන ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ජනපතිවරණය සාධාරණ හා විනිවිද බවින් ක්‍රියාත්මක වූ බව කීවේය. එසේම ඇමරිකා එක්සත් ජනපදය ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බවද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ තවදුරටත් පවසා ඇත.
0 Comments