එජා. සංවිධානයේ ශ්‍රී ලංකාවට එරෙහි වැඩ ගැන නොබැඳි ජාතීන්ගේ විරෝධය

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කිරීම ගැන රටවල් 120 කින් යුත් නොබැඳි ජාතීන්ගේ සංවිධානය දැඩි විරෝධය පළකර ඇත.
 
 ශ්‍රී ලංකා සාම සාධක බළකාය අඩු කිරීමට එක්සත් ජාතීන්ගේ සාම බළකා ආයතනය ගත් තීරණය හෙළා දකිමින් නොබැඳි ජාතීන්ගේ සංවිධානය එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටාරෙස් වෙත අප්‍රසාදය පළ කර තිබේ.
 
 හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම නිසා ශ්‍රී ලංකා සාම සාධක බළකාය අඩු කිරීමට ගත් තීරණය පිළිගන්නේ නැතැයි නොබැඳි ජාතීන්ගේ සංවිධානය සඳහන් කර ඇත.

Post a Comment

0 Comments