නව යුධහමුදා මූලස්ථානය අද විවෘත වෙයි
අති නවීන පහසුකම් සහිතව ඉදිකරන ලද නව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කිරීමට නියමිතයි. යුද, නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදා මූලස්ථානයන් එකම ස්ථානයක ස්ථානගත කිරීමේ අරමුණින් පැලවත්ත - අකුරේගොඩ අක්කර 77 ක භූමි භාගයක යුද හමුදා මූලස්ථානය ඉදිකර තිබෙනවා.රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සහ ත්‍රිවිධ හමුදා මූලස්ථාන ඉදිකිරීම සඳහා මුල්ගල තැබුණේ 2011 වසරේ මාර්තු මස 11 වැනිදායී. ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 53.3 ක් වන අතර, එය ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වූ විශාලතම ගොඩනැගිලි ව්‍යාපෘතිය ලෙස ක්‍රියාත්මක කෙරුණා.ඒ අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයට අයත් දැනට දිවයිනේ විවිධ ප්‍රදේශ තුළ ව්‍යාප්තව පවතින ප්‍රධාන කාර්යාල කඩිනමින් මෙම සංකීර්ණය තුළ ස්ථාපිත කෙරෙනු ඇති. මෙම ගොඩනැගිලි සංකීර්ණය මගින් යුද හමුදා මූලස්ථානයේ විවිධ අංශ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ස්ථාපනය කිරීම වෙනුවෙන් කුලියට ගන්නා ලද ගොඩනැගිලි සඳහා මාසිකව වැය කළ රුපියල් මිලියන 50 කට අධික මුදලක් ඉතිරි කර ගැනීමටද හැකියාව පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
0 Comments