ජනපතිට ප‍්‍රතිචාර ජාඇල මන්ත‍්‍රී සුරංග ‘තමන්ගේ මුහුණ’ ගලවා දමයි...
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් ජා - ඇල ආසනයේ ඇති මාර්ගවල යොදා ඇති දේශපාලනඥයන්ගේ රුව සහිත නාම පුවරු ඉවත් කිරීම ආරම්භ කරනු ලැබීය.ජා-ඇල ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ජා-ඇල නාගරික මන්ත‍්‍රී නාමල් සුරංග මහතා සිය රුව සහිත මාර්ග නාම පුවරු ඉවත් කිරීම මෙලෙස සිදුකළේය. තම රුව සහිත මාර්ග නාම පුවරු ඉවත් කරමින් නාමල් සුරංග මහතා පවසා සිටියේ මහජන බදු මුදලින් කරන සංවර්ධන වැඩසටහන් සඳහා දේශපාලනඥන්ගේ රුව සහිත නාම පුවරු ප‍්‍රදර්ශනය කිරීම නුසුදුසු ක‍්‍රියාවක් බවත් තරගකාරී දේශපාලනය තුළ තමන්ට ද අතීතයේදී මෙවැනි පුවරු ඉදි කිරීමට සිදුවූ බවත්ය. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළ ඉතා සාධාරණ හා විශිෂ්ට ඉල්ලීමකට ප‍්‍රතිචාරයක් ලෙස තමන් ද මෙලෙස කටයුතු කිරීමට පෙලඹුණ බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.
0 Comments