ආරක්‍ෂිත කැමරා අද පොලිසියේ වැඩවලින් භාගයක් අතට ගත් රහස් පරීක්‍ෂකයින් වෙලා
අපරාධ මර්දනයට අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට කුළු පොළුවලට වඩා දැන් නව තාක්‍ෂණය යොදා ගැනීම ඉතා සාර්ථක වී ඇති අතර මෙවැනි ආරක්‍ෂිත කැමරා පද්ධති අද පොලිසියේ කාර්ය භාරයෙන් අඩක් අතට ගත් රහස් පරීක්‍ෂකවරු බවට පත්ව ඇතැයි පුත්තලම් දිස්‌ත්‍රික් නියෝජ්‍ය පොලිස්‌පති කිත්සිරි ජයලත් මහතා පැවසීය. පඬුවස්‌නුවර එක්‌සත් වෙළෙඳ හා ව්‍යාපාරික සංගමය පඬුවස්‌නුවර ප්‍රාදේශීය සභාවේ සහාය ඇතිව පඬුවස්‌නුවර බස්‌නැවතුම්පළ ආශ්‍රිතව රුපියල් ලක්‍ෂ 6 ක පමණ වියදමකින් ඉදිකරන ලද නව ආරක්‍ෂක කැමරා (CCඔඪ) පද්ධතියේ දෙවන අදියර විවෘත කරමින් නියෝජ්‍ය පොලිස්‌පතිවරයා මේ බව පැවසීය. මෙහි පළමු අදියර ලෙස රුපියල් ලක්‍ෂ 12 ක වියදමකින් හෙට්‌ටිපොල - කුලියාපිටිය මංසන්ධියේද ආරක්‍ෂිත කැමරා පද්ධතියක් සවිකොට තිබුණි. මේ නිමිත්තෙන් හෙට්‌ටිපොල පොලිස් ස්‌ථානයේ පැවැති රැස්‌වීමේදී ව්‍යාපාරික ප්‍රජාව අමතමින් වැඩිදුරටත් අදහස් දැක් වූ නියෝජ්‍ය පොලිස්‌පති කිත්සිරි ජයලත් මහතා මෙසේද කීය. මෙවැනි ආරක්‍ෂිත කැමරා පද්ධති සියලුම නගර ආශ්‍රිතව සවිකිරීමට රජයෙන් මුදල් ලැබෙන තුරුම සිටිය යුතු නොවේ. පඬුවස්‌නුවර වෙළෙඳ සංගමය ප්‍රාදේශීය සභාව එයට හොඳ ආදර්ශයක් සපයා ඇත. විශේෂයෙන් පොලිසියේ දඩ මුදල්වලින් විශාල ප්‍රමාණයක් මෙම පළාත් පාලන ආයතනවල කටයුතු සඳහා ලැබෙයි. මෑත කාලයේදී කුරුණෑගල බීමත් රියදුරන්ගෙන් පමණක් රුපියල් කෝටි 30 ක පමණ දඩ මුදලක් අයකරගෙන ඇති අතර මේවා පළාත් පාලන ආයතනවලට අනිවාර්යෙන්ම ලැබෙයි. එනිසා අද ජනතාවගේ ජීවිත දේපළ ආරක්‍ෂාව උදෙසා මෙවැනි පියවර ගැනීම අප සැමගේ යුතුකමක් මෙන්ම වගකීමකැයි ද නි. පොලිස්‌පතිවරයා පැවසීය. හෙට්‌ටිපොල පොලිසියේ හිටපු ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආනන්ද රාජපක්‍ෂ මහතා ද මෙහිදී අදහස් දැක්‌වීය. පඬුවස්‌නුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ජයවීර හෙට්‌ටිපොල පොලිස් ස්‌ථානාධිපති ජයන්ත ගුණවර්ධන වෙළෙඳ හා ව්‍යාපාරික සංගමයේ සභාපති කේ. එම්. ඥාණතිලක වෙළෙඳ ව්‍යාපාරික සරත් රත්නායක හා හිටපු ප්‍රාදේශීය සභා සභාපති එමල් ප්‍රියන්ත හේරත් යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්‌වූහ.
0 Comments