කිසිදු අපේක්ෂකයෙකුට සහාය දෙන්නේ නෑ-යාපනය විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය සංගමය

ජනාධිපතිවර‍ණයේදී කිසිදු ජනාධිපති අපේක්ෂයෙකු වෙනුවෙන් සහයෝගය ලබා නොදෙන අතර දෙමළ ජාතික සන්ධානය ගත් ක්‍රියාමාර්ගය තරයේ ප්‍රතික්ශේප කරන  බව යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය පවසයි.
යාපනය විශ්ව විද්‍යලීයශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් පවසා ඇත්තේ තම ශිෂ්‍ය සංගමය ඉදිරිපත් කළ යෝජනාවලිය වෙනුවෙන් කිසිදු ජනාධිපති අපේක්ෂයෙකු කැමැත්ත පල කොට නොමැති බැවින් තම ශිෂ්‍ය සංගමය කිසිදු ජනාධිපති අපේක්ෂයෙකු වෙනුවෙන් සහයෝගය නොදැක්වීමට තීරණය කොට ඇති බවයි.
විශ්වවිද්‍යාලීය කලා පීඨයේ ශිෂ්‍ය සංග‍මයේ නියෝජිතයින් පැවසුවේ දෙමළ ජාතික සන්ධානයද විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය, විශ්ව විද්‍යාලසිසුන්, උතුරේ අනෙකුත් දේශපාලන පක්ෂ හා උතුරේ අහිංසක ජනතාව රවටමින් සජිත් ප්‍රේමදාස මහතා වෙත ඡන්දය ලබාදීමට එකඟ වී ඇති බවයි.
දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු පළාතේ දේශපාලන පක්ෂ පහක එකඟතාවයෙන් යුතු යෝජනාවලිය දකුණේ ජනාධිපති අපේක්ෂකයින් වෙත ඉදිරිපත් කොට ඒ වෙනුවෙන් කැමැත්ත ලබා ගන්නා බව පැවසු දෙමළ ජාතික සන්ධානය දේශාපාලන වාසි වෙනුවෙන් දෙමළ ජනතාව පාවා දෙමින් කටයුතු කරමින් සිටින බවද යාපනය විශ්වවිද්‍යාල‍යේ කලා පීඨයේ සභාපති ආර්.ගිරිදරන් පවසා ඇත.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මෙවර උතුරේ ජනතාව වෙනුවෙන් පොදු දෙමළ දේශපාලන අපේක්ෂයෙකු ඉදිරිපත් කළ යුතු බවට යාපනය විශ්වවිද්‍යාල උතුරේ දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ දෙමළ ජාතික සන්ධානය පැවසුවේ දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනාගත හැකි දකුණේ නායකයෙකු ජනාධිපති කරවීමට කටයුතු කරන බවයි.
එහෙත් ‍එලෙස පොරොන්දු ලබාදුන් දෙමළ ජාතික සන්ධානය දෙමළ පොදු අපේක්ෂයෙකු පත් කිරීම පසෙක දමා තම තමන් වෙනුවෙන් දේශපාලන වාසි ලබා ගනිමින් කටයුතු කරමින් සිටින බවද ඔහු පවසා ඇත.
දෙමළ ජාතික සන්ධානය නායකයින් සජිත් ප්‍රේමදාස මහතා වෙත සහයෝගය ලබා දීමට ගෙන ඇති ක්‍රියාව දේශපාලන වාසි වෙනුවෙන් ලබාගත්තක් මිස, දෙමළ ජනතාව‍ වෙනුවෙන් ලබාගත් තීරණයක් නොවන බවද විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් සාමාජිකයින් පැවසූහ. 
එබැවින් යාපනය විශ්වවිද්‍යාල සිසුන්, උතුරේ දෙමළ ජනතාව හා දෙමළ ජනතාවට හිතැති දේශපාලකයින් මෙවර කිසිදු පුද්ගලයෙකුට සහයෝගය නොදැක්විය යුතු බවද යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් පවසති.

Post a Comment

0 Comments