සජිත් ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුවක් යටතේ අලුත් වාහන මිලදී නොගැනීම ඇතුළු කොන්දේසිවලට එකඟවීමටත්, මෙම කොන්දේසි කඩ කළහොත් නඩු පවරා මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට හැකිවන පරිදි දිවුරුම් ප්‍රකාශයක් ලබාදීමට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර සූදානම් බවට නිවේදනයක නිතුක් කර ඇත.
සජිත් ප්‍රේමදාසට සහාය ලබාදෙමින් පවත්වන තරුණ සමුළුවකදී මාධ්‍යවේදී, නීතීඥ දිල්ශාන් පතිරත්න අභියෝගයක් කර තිබූ අතර මෙම අභියෝගය භාරගනිමින් මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා මෙසේ සිය දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටියි.
මේ පිළිබද ඔහු හම්බන්තොට පැවති තරුණ සමුළුවේදී අදහස් දැක්වූ අතර වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා,
"සජිත් ප්‍රේමදාසගේ ආණ්ඩුවක් යටතේ අලුතින් වාහන ගන්නේ නැතිව ඉන්න පුලුවන්ද කියලා අපේ හිතවත් නීතීඥයා, මාධ්‍යවේදියා දිල්ශාන් පතිරත්න ඇහුවා.
ඔව්. අලුතින් වාහන ගන්නේ නෑ. ජාතිවාදය වපුරන ප්‍රකාශ නොකරන ඉන්න පුලුවන්ද කියලා අහනවා.
ඔව්. පුලුවන්. ජාතිවාදය අවුස්සන කිසිම ප්‍රකාශයක් මම කරන්නේ නෑ. මැතිවරණයෙන් පස්සේ පක්ෂ මාරු කරන්නේ නැද්ද කියලා ප්‍රශ්ණ කරනවා.
ඔව්. මම හැමදාමත් සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එක්ක ඉන්නවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආණ්ඩුවේ ඇමැති පඩිය ගන්නේ නැද්ද කියලා අහනවා.
මට ඇමැති පඩිය නම් එපා. හැබැයි ජීවත් වෙන්න අවශ්‍ය නිසා මම මන්ත්‍රී පඩිය විතරක් අරගන්නවා. ඇමැති පඩිය එපා. මේ සියල්ලටම එකගත්වය පළ කරලා, මේවා එකක් හරි කැඩුවොත් නඩු දාලා මන්ත්‍රීකම නැති කරන්න පුලුවන් විදියට දිවුරුම් පෙත්සමක් දෙන්න පුලුවන්ද කියලා අහනවා.
ඔව්. මම දින දෙකක් ඇතුළට දිල්ශාන් පතිරත්නට මේ දිවුරුම් ප්‍රකාශය දෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආණ්ඩුවේ ඉන්නේ මේ වගේ පිරිසිදු, ඕනෑම අභියෝගයක් භාරගැනීමට හැකි අය කියන බවත් මම මතක් කළ යුතුයි."
0 Comments