විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයෝ ලක්‍ෂයක් ගෝඨාභයට ඡන්දය දෙන්න එනවා.....

විදෙස්ගත ශී‍්‍ර ලාංකික එකමුතුවේ කැඳවුම්කරු ශී‍්‍ර වර්ධන පතිරාජ
අරුණ බෝගහවත්ත

ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් සිය ඡුන්දය පාවිච්චි කිරීම සඳහා විදේශගත ශී‍්‍ර ලාංකිකයන් ලක්‍ෂයකට අධික පිරිසක් ඉදිරි දින කිහිපයේ මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි විදේශගත ශී‍්‍ර ලාංකික එකමුතුවේ කැඳවුම්කරු ශී‍්‍ර වර්ධන පතිරාජ මහතා ඊයේ

(05 දා* පැවසීය.

මේ වන විටත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය විජයග‍්‍රහණය කිරීම සඳහා රටවල් තිහක පමණ විදේශගත ශී‍්‍ර ලාංකිකයන් විසිදහසකට ආසන්න පිරිසක් පැමිණ ඇති බවද පතිරාජ මහතා ඊයේ (05 දා* විදේශගත ශී‍්‍ර ලාංකික එකමුතුව විසින් පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කළේය.

රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටුකිරීමට මෙම පිරිස පැමිණෙන බව කී පතිරාජ මහතා ලබන 16 වැනිදා

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග‍්‍රහණය ලබන බවත් එය විජයග‍්‍රහණයක් බවට පත්වන බවත් කීවේය.

මේ අතර ජනාධිපතිවරණය හා ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් සිය ඡුන්දය පාවිච්චි කිරීමට ලංකාවට පැමිණ 16 වැනිදායින් පසුව නැවත විදේශගත වීම සඳහා විශාල පිරිසක් ගුවන් යානා ප‍්‍රවේශපත‍්‍ර වෙන්කරගෙන තිබෙන බවද විදේශගත ශී‍්‍ර ලාංකික එකමුතුවේ නියෝජිතයෙක් සඳහන් කළේය.

Post a Comment

0 Comments