ජනපති සටන අද; ප්‍රශ්නයක්‌ නොවුණොත් අවසන් ප්‍රතිඵලය හෙට හවස.. පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රියේදී

රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනෙන අටවැනි ජනාධිපතිවරණ ඡන්ද විමසීම අද (16 දා) පැවැත්වෙයි.
 
 ඡන්ද විමසීම පෙරවරු 7.00 සිට පස්‌වරු 5.00 දක්‌වා රට පුරා ඡන්ද මධ්‍යස්‌ථාන 12845 කදී සිදුකෙරෙනු ඇත.
 
 මෙවර ජනාධිපතිවරණයට ඡන්ද ප්‍රකාශ කිරීමට ඡන්දදායකයන් 15992096 දෙනකු සුදුසුකම් ලබා ඇත. ඔවුන් විසින් තරගයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයන් 35 දෙනාගෙන් එක්‌ අයෙක්‌ විධායක ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කරගනු ලබයි.
 
 ඡන්ද මධ්‍යස්‌ථානවලට හා ගණන් කිරීමේ මධ්‍යස්‌ථානවලට විශේෂ පොලිස්‌ ආරක්‍ෂාව යොදවා තිබේ. එමෙන්ම පොලිසියට අමතරව පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ ආරක්‍ෂාව ද ලබාදීමට පියවර ගෙන ඇත. එමෙන්ම පොලිස්‌ ජංගම මුර සේවා පැවැත්වෙයි.
 
 මේ අතර පැµරල් සංවිධානය, මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්‌ථානය හා කැෙµa සංවිධානය මෙවර ජනාධිපතිවරණ ඡන්ද ප්‍රකාශ කිරීම් නිරීක්‍ෂණය කරනු ඇත. පැµරල් සංවිධානය ස්‌ථානගත නිරීක්‍ෂකයන් හා ජංගම නිරීක්‍ෂණ සේවා ලෙස අදියර දෙකකින් සිය නිරීක්‍ෂණ කටයුතු සිදුකරයි. එමෙන්ම ජාත්‍යන්තර නිරීක්‍ෂකයෝ මේ වනවිට විවිධ ප්‍රදේශවල සිය නිරීක්‍ෂණ කටයුතු සිදුකරති.
 
 ඡන්ද මධ්‍යස්‌ථාන අවට මීටර් 500 ක්‌ පමණ දුරින් කිසිදු ආකාරයකට අනවශ්‍ය ලෙස ජනතාව ඒකරාශීවීම්වලට ඉඩ නොදෙන ලෙස පොලිසියට මැතිවරණ කොමිසම උපදෙස්‌ දී ඇත.
 
 අද පස්‌වරු 5.00 ට ඡන්ද විමසීම අවසන් වන අතර ඉන් පසුව ඡන්ද පොළ නියෝජිතයන් ඉදිරියේ ඡන්ද පෙට්‌ටි සීල් තබා පොලිතින් මලුවල දමා ඒවා ද සීල් කර පොලිස්‌ ආරක්‍ෂාව මැද ගණන් කිරීමේ මධ්‍යස්‌ථාන කරා ගෙන යැමට නියමිතය.
 
 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සඳහා මධ්‍යස්‌ථාන 1550 ක්‌ පිහිටුවා තිබේ. ඉන් 371 ක තැපැල් ඡන්ද ගණන් කිරීම සිදුවන අතර මධ්‍යස්‌ථාන 1179 ක සාමාන්‍ය ඡන්ද ගණන් කිරීම සිදුවෙයි.
 
 පළමු තැපැල් ඡන්ද ගණන් කිරීම පස්‌වරු 5.30 ට පමණ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර සියලු ඡන්ද පෙට්‌ටි අදාළ ගණන් කිරීමේ මධ්‍යස්‌ථාන වෙත ලැබීමෙන් අනතුරුව කොට්‌ඨාස මට්‌ටමින් ඡන්ද ගණන් කිරීම ආරම්භ වෙයි.
 
 අද මධ්‍යම රාත්‍රිය වන විට පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා zදිවයිනZ ට පැවසීය. එමෙන්ම හෙට 17දා සවස වනවිට ගැටලුවක්‌ ඇති නොවුණහොත් ප්‍රතිඵල නිකුත් කිරීම අවසන් කිරීමට උත්සාහ කරන බව ද හෙතෙම කීය.

Post a Comment

0 Comments