පුත්තලම දිස්ත්‍රික්කයට කොඩිවිනයක් වී තිබෙන කුණු ප්‍රශ්නයට තිරසාර විසඳුම් ලබා දී ජනතාව පත්ව සිටින අසහනයෙන් පීඩනයෙන් මුදා ගන්නා බව,නව ප්‍රජාතන්ත්රටවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තම රජය යටතේ පුත්තලම හරහා අනුරාධපුරය දක්වා අධිවේගී මාර්ය ඉදිකිරීමට කටයුතු කරන බවද,සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ ආනමඩුව නගරයේ පැවති ජන රැළියට ඊයේ(11) දින එක්වෙමිණි.
මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ වදින යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ඉල්ලියාස් මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් මෙම ජන හමුවට එක්වී තිබිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
“කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ඓතිහාසික විප්ලවයක් අප ආරම්භ කරනවා.
වාරිමාර්ග ව්‍යාපාරයේ නීලබැම්ම ව්‍යාපෘතියේ දෙවන පියවර ආරම්භ කරනවා.
වල් අලි මිනිස් ගැටුමට තිරසාර විසඳුම් ලබා දෙනවා.
කරදිය හා මිරිදිය ධීවර කර්මාන්තය නගා සිටුවීම සඳහා සහන රැසක් ලබා දෙනවා.
සංස්කෘතික සංචාරක කර්මාන්තය ගොඩනැගීමට අවශ්‍ය පියවර ගන්නවා.
ලුණු කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරනවා.
ගම් උදාවෙන් ගොඩනැගුණු ආනමඩුව තම රජය යටතේ සංවර්ධනය කරනවා.”
0 Comments