ජාතික ආරක්‍ෂාවට ති‍්‍රවිධ හමුදාව - ඒකාබද්ධ බුද්ධි සේවාවකුත් ස්ථාපිත කරයි



ජාතික ආරක්‍ෂාව සඳහා වන සියලූම කටයුතු සඳහා ති‍්‍රවිධ හමුදාව යෙදවීමට තීරණය වී තිබේ. මෙහිදී පොලිසිය සහායක කණ්ඩායමක් ලෙස පවත්වාගෙන යෑමටද රජය තීරණය කර ඇත.

පසුගිය කාලයේ කඩාවැටීමකට ලක්වූ ආරක්‍ෂක බුද්ධි අංශ යළි ඒකාබද්ධ කරමින් ප‍්‍රතිසංවිධානය කිරීමටද තීරණය වී තිබෙන අතර ඒ අනුව ජාතික බුද්ධි ප‍්‍රධානියා යටතේ කි‍්‍රයාත්මක වන ඒකාබද්ධ බුද්ධි සේවාවක් ස්ථාපිත කිරීමට නියමිතය.

පසුගිය යුද සමයේ එල්ටීටීඊයට එරෙහිව යමින් ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම සඳහා ඒකාබද්ධ බුද්ධි සේවාවක් පවත්වාගෙන යෑමෙන් රටට විශාල සේවාවක් සිදුවූ අතර එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණ ගෙන තිබේ.

Post a Comment

0 Comments