ජනපති මෛත්‍රීගෙන් නව ජනපතිට සුබපැතුම්
2019 ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි. ශ්‍රී ලංකාවේ හයවැනි විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (17 දා) ජනාධිපති ධුරයේ රාජකාරි අවසන් කළ අතර, එහිදී ජාතිය අමතා සිදුකළ විශේෂ ප්‍රකාශයේදී ද තේරී පත්වන නව ජනාධිපතිවරයා වෙනුවෙන් සිය සුබපැතුම් පළකරමින් ඔහුගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කළේය. මේ අතර ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ එම සියලු දෙනා හා එක්ව තම උතුම් මාතෘභූමිය සහ ආදරණීය ජනතාව වෙනුවෙන් අඛණ්ඩ කැපවීමෙන් යුතුව තමා විසින් ඉටුකළ වගකීම් හෙට දිනයේ ද ඉටුකිරීම අධිෂ්ඨානය බවයි.
0 Comments