ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කිරීමට නියමිත ආමාත්‍ය මණ්ඩලයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ නම කැපී ගොස් ඇතැයි වාර්තා වෙයි.
උගත්, බුද්ධිමත් දේශපාලඥයෙකු ලෙස ප්‍රකට ගම්මන්පිල මහතාට අමාත්‍යධුරයක් නොලැබීම පිළිබඳව දැඩි කථා බහක්ද නිර්මාණය වී තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිධුරයට පත්කිරීමට කැපවී ක්‍රියාකළ ගම්මන්පිල මහතා අමාත්‍ය මණ්ඩලයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය සැලසුම් කළ පිරිස විසින් කටයුතු නොකළේ මන්දැයිද දැඩි කථා බහක් නිර්මාණය වී තිබේ.
0 Comments