මමත් යම් මට්ටමක කලාකරුවෙක්-සජිත්

පාස්කු ඉරුදින ඛේදවාචකය සම්බන්ධයෙන් තමා රටෙන්  සමාව ඉල්ලන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මීගමුව නගරයේ පැවති ජන රැලියක් අමතමින්.
එක්ව ඉදිරියට යන්න තේමා කරගනිමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක්  මීගමුව නගරයේදී ඊයේ (11) පැවැත් විය.
පාස්කු ඉරුදින ඛේදවාචකය සම්බන්ධයෙන් තමා පෞද්ගලිකවම කණගාටු වන අතර කැබිනට් ඇමතිවරයෙකු ලෙස ඒ පිළිබඳව රටෙන් දැයෙන් සමාව ඉල්ලන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මීගමුව නගරයේ පැවති ජන රැලියක් අමතමින්.
එක්ව ඉදිරියට යන්න තේමා කරගනිමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක්  මීගමුව නගරයේදී ඊයේ(11) පැවැත්විය.
මෙහිදී අදහස් දක්වමින් කාවින්ද ජයවර්ධන මහතා පවසා සිටියේ, අපරාධ, මංකොල්ලකෑම් හා කුඩු වැනි සියලු දෑ පක්ෂ භේදයෙන් තොරව අවසන් කරන බවයි.
සජිත් ප්‍රේමදාස මහතා සුපිරිසිදු  නායකයෙක් බවත්, වංචනිකයින් ඔහුගේ කැබිනට් මණ්ඩලය තුළ නොමැති බවත් කියා සිටි කාවින්ද ජයවර්ධන මහතා, මේ නව ශිෂ්ටාචාරය සජිත් ප්‍රේමදාස මහතා ඇති කරන බවත් පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා සිටියේ, මේ රටට රූපවාහිනිය ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂය බවයි.
තරුණයින්ට ඩෙනිම් ඇඳීමට හැකි වුයේ ද එක්සත් ජාතික පක්ෂය නිසා යැයි පැවසු අගමැතිවරයා, පරම්පරා අතර සෑම විටම යම් වෙනසක් ඇතැයි ද පැවසීය.
දේශපාලනඥයෝ ඇනලොග්-තරුණයෝ ඩිජිටල් යනුවෙන් ද පැවසු ඒ මහතා තරුණයින් සමඟ වේගයෙන් ගමන් කිරීමට නම් සියලු දෙනා ඔන් ලයින් විය යුතු යැයි ද කියා සිටියේය.
ඒ ගමන යෑම සඳහා සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඇතැයිද අගමැතිවරයා මෙහිදී පැවසීය.
මෙහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, අප්‍රේල් 21 වන දින එල්ල වු පාස්කු ප්‍රහාරය තුළින් විපතට පත් පවුල්වලට හා හානියට පත් දේවස්ථානවලට තමා පෞද්ගලිකව කණගාටුව පළ කරන බවයි.
එපමණක් නොව කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස තමා ජනතාවගෙන් හා රටෙන් දැයෙනුත් සමාව ඉල්ලා සිටින බවද ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියේය.
ජාතික ආරක්ෂාව අතින් ඉතා දැඩි ලෙස තීන්දු තීරණ ගෙන තමා රටේ නායකයා ලෙස කටයුතු කරන විට සිදුවන සෑම දේටම වෙන කෙනෙක් නොව තමා වගකීමක් බාර ගන්නා බව ද පැවසු සජිත් ප්‍රේමදාස මහතා, ත්‍රස්තවාදයට හා මිනීමැරුම්වලට වරදකරුවන් වු කිසිවෙකුට තමාගේ නම් කිසිදු සමාවක් නොමැති බවද පැවසීය.
රාජ්‍ය ත්‍රස්තවාදයට කිසිම දිනක ක්‍රියාත්මක නොකරන බවට තමා පොරොන්දු වන බවත් පැවසු ඒ මහතා, රටේ ජනතාවට තම අයිතිය වෙනුවෙන් තමා ඒ අයිතිය ලබා දෙන බවත් කියා සිටියේය.
කිසිවෙකුගේ හෝ උපදෙස්වලට තමා යටත් නොවන බවත් කියා සිටි සජිත් ප්‍රේමදාස මහතා, තමා අපේක්ෂකත්වය ගන්නේ කොන්දේසි විරහිතව බවත් එනිසා රටට වැඩක් කරන්නෙත් කොන්දේසි විරහිතව බව ද පැවසීය.
මොරටුව නගරයේ පැවති ජනරැළියට ද සජිත් ප්‍රේමදාස මහතා එක්විය.
මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා වඩු කර්මාන්තය නඟා සිටුවීමට තමා බලා සිටින බවද කියා සිටියේය.
වඩු කර්මාන්තයේ ස්වර්ණමය යුගය 16 වනදායින් පසුව නිර්මාණය කරන බවත් පැවසු ඒ මහතා, නව ජවයකින් සද්ධන්ත ලංකාවක් නිර්මාණය කරමු යනුවෙන්ද පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා සහ කලාකරුවන් අතර හමුවක් අද අලුයම බත්තරමුල්ලේදී පැවැත්වුණු අතර ප්‍රාසාංගික කලා සහ සංස්කෘතික ප්‍රඥප්තියට එහිදී අස්සන් තැබුණි.
මෙහිදී සජිත් ප්‍රේමදසා මහතා කියා සිටියේ, පාන්දර 2.40 වෙන තෙක් තමා කෙරෙහි විශ්වාසය තබමින් රැඳී සිටිම ගැන සතුටු වන බවයි.
කලාකරුවන්ට වෘත්තීමය වටිනාකමක් ලබා දෙන බවද සජිත් ප්‍රේමදාස මහතා මෙහෙදි පොරොන්දුවක් ලබා දුන්නේය.
තමාට ද යම් ආකාරයක කලාකරුවෙකු බවත් ඩ්‍රම්, ගිටාර්, පියානෝ හා ඕගන් වැනි ඕනෑම දෙයක් වාදනය කළ හැකි බවත් පැවසු ඒ මහතා, සිංදු කියන්නත් පුළුවන් යනුවෙන් පැවසීය.

Post a Comment

0 Comments