ජනාධිපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී සහභාගි වන අවසන් උත්සවය අද (14 වැනිදා) පැවැත්වේ.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය එය සංවිධානය කර ඇත.
රෝහල්වලට අවශ්‍ය වෛi උපකරණ සහ නිවුන් දරුවන්ට ජනාධිපති අරමුදල යටතේ ආධාර ලබාදීම, ජනාධිපති කාර්ය මණ්ඩලයට හිමිවූ ඵලදායිතා සම්මානය ජනාධිපතිවරයාට පිරිනැමීම ආදී වැඩසටහන්ද ඒ අතර වේ.
අද දහවල් සිට සවස දක්වා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම වැඩසටහන් පැවැත්වෙන බව ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් ‘සුසර’ ට පැවසීය.
0 Comments