කසල කළමණාකරණය කිරීමේ නව තාක්ෂනික ක්‍රමවේද හඳුන්වා දෙන බව ගෝඨාභය කියයි

කසල ප්‍රශ්නය තව දුරටත් රටට ප්‍රශ්නයක් නොවන ආකාරයේ විසඳුමක් ලබාදීමට සියලූ කටයුතු සුදානම්කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (11) පුත්තලමේ පැවැති ජන රැළියකට එක්වෙමිනි.
 
කසල කළමණාකරණය කිරීමේ නව තාක්ෂනික ක්‍රමවේද පිළිබදව පසුගිය කාලයේදි අධ්‍යයනය කිරිමටත්, කසල කළමණාකරණය කරන ආකාරය නැරඹිමටත් තමන්ට අවස්ථාව ලැබුණු බව සදහන් කළ ගෝඨාභය රාජපක්ෂ මහතා කසල හේතුවෙන් පුත්තලමේ ජනතාව පත්ව සිටින අපහසුතාවය අවසන් කරන බවද පැවසිය.
කසල පුලූස්සා විදුලිය නිෂ්පාදනය කිරීමේත්, පොහොර නිපදවීමේන් නව ක්‍රමවේද තිබෙන බැවින් එක් තැනක කසල තවත් තැනකට ගෙන යාමේ අවශ්‍යතාවයක් වර්ථමානයේදී උද්ගත නොවන බව කී ඒ මහතා ප්‍රාදේශියසභා, නගරසභා, මහනගරසභාවලටම තම බල ප්‍රදේශයේ කසල කළමණාකරණයකර ගනිමිනි ආදායම් උපයා ගැනීමේ ක්‍රමවේදය හඳුන්වාදෙන බව සඳහන් කළේය.
 
එහිදි ධිවර ජනතාව සම්බන්දයෙන් ද විශේෂයෙන් අදහස් දැක්වු ඒ මහතා යුද්ධයෙන් පසුව වෙරළ ආරක්ෂක හමුදාව ඇති කිරීමට පියවර ගත්තේ ධීවරයින්ගේ හා වෙරළබඩ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරිම සදහායැයි පැවසීය.
 
ධීවර කර්මාන්තයේ යෙදි සිටින ධීවරයින්ට කිසියම්ක රදරයක් ඇතිවුවහොත් ධිවරයින්ගේ ආරක්ෂාව තහවරු කිරිමටත්, ලංකාවේ මුහුදු සීමාවේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින්ගේ ධීවර කර්මාන්තයේ ආරක්ෂාව තහවුරු කිරිමටත් රජයක් වශයෙන් එදා අවශ්‍ය පියවර ගත්තේ වෙරළ ආරක්ෂක හමුදාවේ සහායෙන් බවද ඒ මහතා පැවසීය.
ඒ අනුව ඉදිරියේදි ධීවර කර්මාන්තයේ  දියුණූවට මෙන්ම ධීවර ජනතාවගේ ආර්ථීකය දියුණු කිරිම සඳහාත් අවශ්‍ය පියවර රජයක් වශයෙන් ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Post a Comment

0 Comments