තමන් සහරාන් හෂීම් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට නව මහජන සේවා සංවිධානයේ සභාපති රිෂාන් මහරුෆ් මහතා සාවද්‍ය චෝදනා කරන්නේ හිටපු නැගෙනහිර ආණ්ඩුකාර එම්. එල්. එම්. හිස්බුල්ලා මහතාගේ අනු දැනුම හා සහාය මත යැයි මුස්ලිම් කොංග‍්‍රසයේ නායක ඇමැති රාවුෆ් හකීම් මහතා ඊයේ (07 වැනිදා* කොළඹ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී පැවසීය.
හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා දේශපාලන වාසි අපේක්ෂාවෙන් තම පාර්ශ්වයට සහාය පළ කරන අපේක්ෂකයා පරාජය කිරීම පිණිස මෙම අසත්‍ය චෝදනා මහරුෆ් මහතා හරහා එල්ල කරන බවත් හෙතෙම කීවේය.
මෙම චෝදනා සම්බන්ධයෙන් තමන් මැතිවරණ කොමිසමට සහ පොලිසියට පැමිණිලි කරන බවත් හකීම් මහතා පැවසීය.
නව මහජන සේවා කොමිසමේ සභාපති රිෂාන් මහරුෆ් මහතා තමන් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් රුපියල් කෝටියක මුදලක් තමන්ට ලබා දුන්නොත් මෙම පුවත හෙළි නොකරන බවට දැනුම් දුන් බව ද පසුව එම මුදල රුපියල් ලක්ෂ පනහ දක්වා අඩු කළ බව ද හෙතෙම කීවේය.
එම ප‍්‍රකාශ සනාථ කිරීම සඳහා ඇමැති රාවුෆ් හකීම් මහතා රිෂාන් මහරුෆ් මහතාගේ යැයි සඳහන් කරන ලද හඬ පට දෙකක් මාධ්‍ය වෙත නිකුත් කළේය. හඬ පටවල දෙමළ බසින් කියැවෙන දෙබස් සිංහල උපසිරැුසි සහිතව පුළුල් තිරයක ප‍්‍රදර්ශනය කිරීමට මෙහිදී කටයුතු යොදා තිබිණි.
මුස්ලිම් කොංග‍්‍රසයේ නායක ඇමැති රාවුෆ් හකීම් මහතා ඊයේ (07 වැනිදා* එම අදහස් පළ කළේ කොළඹ වොක්ෂෝල් වීදියේ පිහිටි නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාගේ ප‍්‍රධාන මැතිවරණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
0 Comments