නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් පැමිණි හෙලිකොප්ටරය පොළෝන්නරුව සීවලී විද්‍යාලයට ගොඩබස්සන අවස්ථාවේදී අසල පිහිටි නිවසකට හානි සිදුව ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසයි.
මෙහිදී නිවසට හා මල් පැළ තවානකට හානි සිදුව ඇති අතර මල් පැළ තවානේ සිටි කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ඊයේ(12) කඳුරුවෙල ප්‍රදේශයේ පැවති ජනරැළියකට සභාගිවීම සඳහා ඔහු හෙලිකොප්ටරයෙන් පැමිණ ඇත.
එම හෙලිකොප්ටරය විද්‍යාලයේ ක්‍රීඩා පිටියට ගොඩ බැස්සවීමට යාමේදී ඇතිවූ සුළඟින් අදාළ නිවසට හා පැළ තවාන හානි සිදුව ඇති බව වාර්තා වෙයි.
මේ අතර හෙලිකොප්ටරය ගොඩ බැස්සවීමට යාමේදී ඇතිවූ සුළඟ සමඟ මෙම පැළතවානේ තිබූ යකඩ බයටක් කඩා වැටී පැළ තවානේ සිටි කාන්තාවගේ හිසේ වැදී ඇති බව අප වාර්තාකරු පවසයි.
තුවාල ලැබූ කාන්තාවගේ පිය විසින් පවසා සිටියේ තම දියණිය සුළු තුවාල ලබා ඇති බවයි.
0 Comments