විශේෂ මාධ්‍ය නිවේදනය
“2019 නොවැම්බර් මස 16 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී දිවයින පුරා සිටින සියලුම ඡන්ද දායකයන්ට නිදහසේ සිය ඡන්දය භාවිතා කිරීමට අවශ්‍ය වාතාවරණය මේ වන විට රට තුළ ශක්තිමත් කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ඒ සඳහා අවශ්‍ය සියලු විධිවිධාන සලස්වා තිබෙන අතර, අනවශ්‍ය ප්‍රචාර සහ කටකථාවලට නොරැවටී තම ඡන්ද මධ්‍යස්ථානවලට ගොස් ඡන්දය භාවිතා කරන ලෙස ජනාධිපතිවරයා සියලු ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටි.
එමෙන්ම ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වූ රටක පුරවැසියන්ගේ බලයක් මෙන්ම ප්‍රධාන වගකීම සහ යුතුකම වන්නේ තමන් කැමති අයෙකු වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කිරීම බවයි.”
0 Comments