පාස්කු ප්‍රහාරයෙන් රට ලේ විලක් කළ සහරාන් හෂීම් ආවේ කොහෙන්ද?.

පැහැදිලිවම මුලින්ම කීමට ඇත්තේ සහරාන් හෂීම් යනු ඉස්ලාමයේ වහාබ්වාදය තුළින් එක්දේවවාදියකු බවට පත්ව අන්ධ භක්තිය හමුවේ බිහිසුණු ත්‍රස්තවාදයකු බවට පරිවර්ථනය වූ කාලකණ්ණියකු බවය.

 එසේ නොමැතිව සහරාන් හෂීම් යනු කිසිවකුගේත් නිර්මාණයක් නම් නොවන බව වගකීමෙන් යුතුව සඳහන් කළ හැකිය.

 සහරාන් හෂීම් ඇතුළු මිනී මරුවන් පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල කර මේ වන විට මාස හයකුත් ගෙවී ගොස් අවසන්ය. සැබැවින්ම මේ සහරාන් හෂීම් යනු කවරෙක්ද? ඔහු කාගේ හෝ නිර්මාණයක්ද? එසේ නැතහොත් සහරාන් හෂීම් යනු සමාජය විසින් ත්‍රස්තවාදයකුගේ තැනට ඇද දැමූවෙක්ද? එල්ටීටීඊ ය විනාශ කළ මේ රටේ ආරක්‍ෂක අංශ පසුගිය කාලයේ සහරාන්ගේ මතුවීම පිළිබඳ නොදැන සිටියේද?

 මෙහිදී පැහැදිලිවම මුලින්ම කීමට ඇත්තේ සහරාන් හෂීම් යනු ඉස්ලාමයේ වහාබ්වාදය තුළින් එක්දේවවාදියකු බවට පත්ව අන්ධ භක්තිය හමුවේ බිහිසුණු ත්‍රස්තවාදයකු බවට පරිවර්ථනය වූ කාලකණ්ණියකු බවය.

 එසේ නොමැතිව සහරාන් හෂීම් යනු කිසිවකුගේත් නිර්මාණයක් නම් නොවන බව වගකීමෙන් යුතුව සඳහන් කළ හැකිය. 1985 වසරේදී නැගෙනහිර පළාතේ කාත්තන්කුඩිය ප්‍රදේශයේදී හයාත් මොහොමඞ් හෂීම්ට සහ සමීනාට දාව සහරාන් හෂීම් පස් දෙනකුගෙන් යුතු පවුලේ වැඩිමල් දරුවා ලෙස මෙලොවට බිහිවිය.

 මෙසේ මෙලොවට බිහිවූ සහරාන් හෂීම් කෙමෙන් වැඩිවියට පත්වෙද්දී නැගෙනහිර පළාතේ මඩකලපුව කාත්තන්කුඩිය ප්‍රදේශයේද එක්තරා පැහැදිලි වෙනසක් සිදුවෙමින් තිබිණි. එය වූයේ කෙමෙන් ඉස්ලාම් වහාබ්වාදය දෙසට එහි විසූ පිරිස් යොමු වෙද්දී ප්‍රදේශයේ ප්‍රකට වෙළෙඳ නගරයක් ලෙසට කාත්තන්කුඩිය පරිවර්තනය වන්නට වීමය.

 මෙසේ කාත්තන්කුඩියේ හැසී වැඩුණු සහාරන් සිය මූලික අධ්‍යාපනය කාත්තන්කුඩිය රජයේ පාසලින් ලබා පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා විජයතුල් අල් මද්‍රසා පාසලට ඇතුළිත් විය. මද්‍රසා පාසලට ඇතුළත් වීමෙන් පසුව මුලදී දීප්තිමත් ශිෂ්‍යයකු ලෙස එහි අධ්‍යාපනය හැදෑරූ සහරාන් හෂීම් ඉස්ලාම් අන්තවාදයේ ප්‍රචණ්ඩත්වය දෙසට නැඹුරු වන්නේ එසේ අධ්‍යාපනය ලබමින් සිටින අතරවාරයේ ය.

 එතැන් පටන් පාසලේ ගුරුවරුන් සමඟ පවා ඉස්ලාම් දැඩිමතධාරීව මතවාදීමය

 ගැටුම් ඇතිකරගත් සහරාන් හෂීම් ක්‍රමයෙන් ගමන් කරනු ලැබුවේ වහාබ් වාදයෙනුත් එහා ගිය ඉස්ලාමීය ඒකදේවවාදී ඉසව්ව වෙතට විය.

 එහිදී සහරාන් හෂීම් තුළ වූ අරාබි භාෂාව සහ දෙමළ භාෂාව හැසිරවීමේ සුවිශේෂී හැකියාව ගුරුවරුන් පවා නිරුත්තර කරවන්නක් විය. සහරාන් හෂීම්ගේ මෙකී ප්‍රචණ්ඩකාරී ආගමික මතවාදය හමුවේ ඉකුත් 2007 වසරේදී ඔහුව මද්‍රසා පාසලෙන් ඉවත් කරනු ලැබූ අතර පසුව ඔහු සිය ආරාබි සහ දෙමළ භාෂාව හැසිරවීමේ හැකියාව යොදා ගනිමින් දැඩි මතධාරී දේශන පවත්වන ආගමික නායකයකු ලෙෂ ඉස්මතු විය.

 මෙහිදී සහාරන් හෂීම්ට හිමි වූයේ ඉශළ පිළිගැනීමකි. ඒ හේතුවෙන් ඔහු රටපුරා යමින් දෙහණ පවත්වන්නට වූ අතර ඒස මඟ අනුගාමිකයන් සම්බන්ධ කර ගැනීමද සිදු කළේය. මේ වන විට සහරාන් හෂීම් ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානයේ සමාජියෙකි.

 එහෙත් ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානයද දැඩිමතධාරී ප්‍රඡණ්ඩ වූ අන්තවාදයක නොතිබූ නිසා පසුව ඉන් ඉවත් වූ සහරාන් හෂීම් ජාතික තව්හිද් ජමාතය අරඹා සිය දේශන පැවත්වීම දිගටම සිදු කරගෙන ගියේය.

 සහරාන් හෂීම් එසේ සිය ගමන යද්දී ඉකුත් 2009 වසරේ එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය නිමා වීමත් සමඟ දැඩි මතධාරී ආගමිත මතවාදයක් සමඟ ප්‍රචණ්ඩකාරී ගමනක යෙදෙන සහරාන් හෂීම් දෙසට යුද හමුදා බුද්ධි අංශවල ඇස යොමු වන්නට විය.

 මේ අන්දමට සහරාන් හෂීම් ක්‍රමයෙන් ආගමික ත්‍රස්තවාදය දෙසට යොමු වෙද්දී ඔහුටද නොදැනී යුද හමුදා බුද්ධි බළකාය සහරාන් හෂීම් වෙතට සමීප වෙමින් තිබිණි. එල්ටීටීඊය පරාජය කිරීමේ සටනේදී මෙරට බුද්ධි අංශ ඒ සඳහා කුලී ඔත්තුකරුවන් යොදාගත් බව මේ වන විට ප්‍රසිද්ධි රහසකි.

 පසු කලෙක සහරාන් හෂීම් වෙතට ළඟා වීමේදීද යුද හමුදා බුද්ධි බළකාය එවන් ක්‍රමවේද අනුගමනය කළේය. එය ලොව ඕනෑම ඔත්තු සේවාවක් ෂතුරා ඉලක්ක කර මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කරන ක්‍රමවේදයකි.

 මෙහිදී සහරාන්ගේ ගමන අධිවේගී එකක් බව බුද්ධී අංශ විසින් අවබෝධ

 කරගැනීමත් සමඟ ඒ පිළිබඳ අධීක්‍ෂණය කිරීම සඳහා යුද හමුදා බුද්ධි නිලධාරීන්ගෙන් සමන්විත වෙනම ඒකකයක් පවා පිහිටුවීමට එකල කටයුතු සිදු කෙරිණි.

 ඉකුත් 2013 පමණ වන විට එකී මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන තැනට යුද හමුදා බුද්ධි අංශ ගමන් කර තිබුණු අතර එසේ ක්‍රියාත්මක වීම සහරාන් හෂීම්ගේ ගමන අඩපණ කරවන්නක්ද විය. ඒ වන විට යුද හමුදා බුද්ධී අංශ සිටියේ සහරාන් හෂීම්ට ඍජුවම ඇඟිල්ල දිගුකර තරවටු කරන තැන දක්වාම ගමන් කර අවසන්වය.

 2017 දී පමණ සහරාන් හෂීම් ඇතුළු තව්හිද් ජමාත් හා අනෙකුත් දැඩිමතධාරී අන්තවාදී ඉස්ලාම් සංවිධාන කෙරෙහි අවධානයෙන් සිටි යුද හමුදා බුද්ධි ඒකකය අඩපණ කිරීමක් සිදුවූයේ කිසිවකුත් නොසිතූ පරිදිය.

 එකී කඩා වටීමත් සමඟ කාත්තන්කුඩි ප්‍රදේශයේ කුඩා පල්ලියක් ඉදිකරගෙන සිය ආගමික මතවාදය පතුරවමින් සිටි සහරාන් ඒ ආසන්නයේ වූ සුෆී ඉස්ලාම් නිකායට අයත් බදුරියා නමැති ඉස්ලාම් පල්ලියකට තම පිරිස සමඟ එක්ව භිහිසුණු ප්‍රහාරයක් එල්ල කළ සහරාන් හෂීම් සියල්ලන්ගේ ඇස්වසා සැඟව ගියේය.

 යුද හමුදා බුද්ධි අංශවල අධීක්‍ෂණයෙන් ගිලිහී ගිය සහරාන් හෂීම් අවසානයේ නොපෙනීම  ගියේ එසේය. එතැන් සිට ආරක්‍ෂක අංශවල සහ පොලිසියේ අදහස වූයේ සහරාන් හෂීම් විදේශයකට පලා යන්නට ඇතැයි යන්නය. එහෙත් ඔහු සැඟව සිට ඇත්තේ වයඹ පළාතේ පිහිටි සිය බිරිඳගේ ගම් ප්‍රදේශයේ බව දැන් අනාවරණය වී ඇත.

 අවසානයේ 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු දා තමන් සමඟ සිටි තවත් ත්‍රස්තවාදීන් පිරිසක් සමඟ මුළු රටම කම්පනයට පත් කරමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කර එල්ටීටීඊය පරදා වසර දහයක් ගෙවුණු තැන යළිත් මේ බිම ලේ විලක් බවට පත් කරනු ලැබුවේ එසේ සැඟව ගිය සහරාන් හෂීම්ය.

Post a Comment

0 Comments