නොවැම්බර් මස 16 වන දා පැවත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීම සඳහා බෝහෝ විට ඉඩ ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
එම පුවත් සේවය වාර්තා කර ඇත්තේ, ලබන වසරේ මුලදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරය බලාපොරොත්තුවෙන් සිටින බවයි.
මේ අතර රාජපක්ෂ පවුලේ තවත් සහෝදරයන් දෙදෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන උපාය මාර්ගික සැලසුම් සකස් කරන බවත් ඔවුන්ගෙන් එක් අයෙකු පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට පත්වීම පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින බවත් එම පුවත් සේවය වාර්තා කරයි.
රොයිටර් පුවත් සේවය සඳහන් කරන ආකාරයට රාජපක්ෂ පවුලේ ඊළඟ පරම්පරාවේ පුද්ගලයින් තිදෙනෙක් ද මේ වන විටත් , දේශපාලනයේ යෙදී සිටියි.
බෙදුම්වාදී දෙමළ කැරලිකරුවන් වන ඒල්.ටී.ටී.ඊ සංවිධානය පාරාජය කිරීම සහ චීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇති රාජපක්ෂවරුන් නැවත බලයට පැමීණිම පිළිබඳව ඇතැම් අය බියෙන් සිටින බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.
විධිමත් මත විමසුමක් නොමැති අතර, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට බොහෝ විට ඉඩ ඇති බවත්, ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන රජයේ ඇමතිවරයකු වන සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා පසුපසින් සිටින බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
0 Comments