කොටි ක‍්‍රියාකාරීන්ට මරණ තර්ජන එල්ල කළ බව දක්වමින් ලන්ඩන් නුවර වෙස්මිනිස්ටර් අධිකරණය හමුවේ ගොනුකර ඇති බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දුට එරෙහි නඩුව තානාපති මුක්තිය නොතකා විභාග කිරීමට එම අධිකරණය තීන්දු කර ඇත.
මෙම නඩුවේ සාක්‍ෂිකරුවන් තිදෙනකුගෙන් දෙදෙනෙක් හිටපු කොටි ක‍්‍රියාකාරීන් වන අතර අනිත් සාක්‍ෂිකරු සිංහල ජාතිකයෙකි. මොහු කොටි ඩයස්පෝරාවේ සහාය මත දේශපාලන රැුකවරණ ලැබූවෙකි.
නඩුව විභාගයට ගනු ලැබූ අවස්ථාවේ බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය බි‍්‍රගේඩියර්වරයාට තානාපති මුක්තිය ඇති බවට කරුණු දක්වා තිබුණි.
එහෙත් අධිකරණය ඒ ගැන තීරණය නොකර නඩුව දිගටම පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.
මෙම නඩුවේ සාක්‍ෂිකරුවන්ගෙන් එක් ද්‍රවිඩ ජාතිකයකු රාජන් නමැති රටින් පිටත ඊළාම් ආණ්ඩුව සංවිධානයේ කි‍්‍රයාකාරිකයකු වන අතර ඔහු ශ‍්‍රී ලංකාවේ පොලිසියට අවශ්‍ය අයෙකි.
0 Comments