ජනපති ගෝඨාභය දළදා සමිඳුන් වැඳ පුදා ගනී
ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (20) පෙරවරුවේ ශ‍්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබා ගත්තේය.ශ‍්‍රී දළදා මාලිගාවේ පත්තිරිප්පුව ඉදිරිපිටදී මහනුවර පුරපති කේසර සේනානායක මහතා විසින් බුලත් හුරුල්ලක් දී ජනපතිවරයා පිළිගනු ලැබීය. අනතුරුව රතු පළසක් මතින් ශ‍්‍රී දළදා මාලිගාවේ ප‍්‍රධාන වාහල්කඩ අබියසට ගිය ජනපතිවරයා ශ‍්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා විසින් සම්ප‍්‍රදායානුකූලව පිළිගෙන දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට කැඳවා ගෙන යනු ලැබීය. ශ‍්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට පැමිණි ජනපතිවරයාට සුබ පැතීම පිණිස දහස් සංඛ්‍යාත ජනතාවක් ශ‍්‍රී දළදා මාලිගාව අබියසට පැමිණි සිටියහ.දළදා මාලිගාව තුළ රැුඳී සිටි ජනතාවගේ සාධුකාර මධ්‍යයේ ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තමන් පිළිගැනීම සඳහා රැුස්කකා බලා සිටි ජනතාව අතරට ගොස් ඔවුන් සමග සුහද පිළිසඳරකද නිරත විය.මෙම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර, උතුරු මැද ආණ්ඩුකාර සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලූත්ගමගේ, සරත් අමුණුගම, බන්දුල ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, දිලූම් අමුණුගම, ආනන්ද අලූත්ගමගේ, විජයදාස රාජපක්‍ෂ, ලොහාන් රත්වත්ත යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
0 Comments