සජිත් පේ‍්‍රමදාස සමඟ නව දේශපාලන ගමනක් ආරම්භ කරනවා - හිටපු ඇමැති හරීන් ප‍්‍රනාන්දු
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට රටේ පාලනය භාරදී- කාගේ හරි වෙන කෙනෙකුගේ පව් සජිත් පේ‍්‍රමදාසගේ පිටින් ගියා-ජනපතිගේ අලූත් දේශපාලන සංස්කෘතියට අපේ සහය ලබාදෙනවාජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට රටේ පාලනය භාරදී විපක්‍ෂයට ගොස් නැවත සජිත් පේ‍්‍රමදාස මහතා සමඟ දේශපාලනය ආරම්භ කළ යුතු යැයි හිටපු ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා පැවැසීය.කොළඹදී ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කී අතර එහිදී හරීන් ප‍්‍රනාන්දු මහතා මෙසේද කියා සිටියේය.සජිත් පේ‍්‍රමදාස මහත්තයාට අපේක්‍ෂකත්වය ලැබුණේ ජනාධිපතිවරණයට මාසයකට කළින් එතුමාට අභියෝගයක් තිබුණා. එහිදී අපි ගත්තු ස්ථාවර දෙක තමයි රටේ ආරක්‍ෂාව, ගෝඨාභය රාජපක්‍ෂ මහතා කිව්වේ රට ස්ථාවර කරන්න, රට ආරක්‍ෂා කරන්න වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම.සජිත් පේ‍්‍රමදාස මහතාත් කිව්වේ ජාතික ආරක්‍ෂාවට, සිංහල, බෞද්ධකමට ප‍්‍රශ්නයක් නම්, ජාතික ආරක්‍ෂාව සරත් ෆොන්සේකා මහතාට භාරදෙනවා කියලා. නමුත් ප‍්‍රශ්නය වුණේ ඇත්තටම පරාජයට මූලික වුණේ කාගේ හරි වෙන කෙනෙකුගේ පව් අපිට කරගහන්න වුණා. ඒක සජිත් පේ‍්‍රමදාස මහතාගේ පිටින් ගියා.ආණ්ඩුවේ තිබුණු වැරදි මේ පරාජයට හේතුවුණා. සජිත් පේ‍්‍රමදාස මහතාට චෝදනා නැති වුණත් ඒ ආණ්ඩුවේ වැරදි සජිත්ගේ කරපිටින් ගියා.ඒ වගේම මේ අවස්ථාවේදී අපි තව එක ප‍්‍රකාශයක් කළ යුතුයි. සජිත් පේ‍්‍රමදාස මහතා තමයි එජාප අපේක්‍ෂකයකු ලෙස වැඩිම ඡුන්ද ලබාගෙන තිබෙන්නේ. මෛත‍්‍රිපාල සිරිසේන මහතා හැරුණු විට 1999 දී සහ 2005 දී රනිල් වික‍්‍රමසිංහ මහතා සහ 2010 දී සරත් ෆොන්සේකා මහතා ලබාගත් ඡුන්ද ප‍්‍රමාණයට වඩා සජිත් පේ‍්‍රමදාස ඡුන්ද ලබාගත්තා.එක්සත් ජාතික පාක්‍ෂිකයෝ මේ වෙලාවේදී ඡුන්දය ලබාදුන්නා කියලා අපිට පැහැදිලිවම කියන්න පුළුවන්. 1999 දී රනිල් වික‍්‍රමසිංහ මහතා ඡුන්ද ලක්‍ෂ 36 යි. 2005 දී ලක්‍ෂ 47 යි. 2010 දී සරත් ෆොන්සේකා මහතා ඡුන්ද ලක්‍ෂ 41 යි. සජිත් පේ‍්‍රමදාස මහතා පනස් පන් ලක්‍ෂ හැට හතරදහස් දෙසිය තිස්නවයයි. ඒ වගේම ප‍්‍රතිශතයක් වශයෙන් බැලූවත් විශාල විශ්වාසයක් පාක්‍ෂිකයා තුළ ඇතිවී තිබෙනවා.මේ මැතිවරණයේ විශේෂ වෙනසක් අපි දැක්කා. රාජපක්‍ෂවරු මේ සමාජයේ සිටින විවිධ ස්ථර විශේෂයෙන් ත‍්‍රීවිල් රථ රියදුරන්, යකැදුරන්, ජ්‍යොතිෂ්‍යකරුවන් මැතිවරණ ව්‍යාපාරයට යොදා ගත්තා. ඒ අය ලව්වා විවිධ ප‍්‍රකාශ කෙරෙව්වා. ඒවා ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා නෙවෙයි එතුමාගේ වටේ හිටපු අයයි කළේ.ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතාට මේ කණ්ඩායම සමඟ පැහැදිලි පිරිසිදු ගමනක් යන්න පුළුවන්ද කියන සැකය අපට තිබෙනවා. මේක ගැලපෙන්නේ නෑ. මේ අය ලොකු බෝම්බයක් ඇතුලෙම පුපුරවගන්නවා.මේ කණ්ඩායම බෙදෙන එක වළක්වන්න සක්කරයටවත් බෑ. ඒත් එතුමා අලූත් දේශපාලන අලූත් සංස්කෘතියක් ගේන්න යනවා නම් අපි ඊට සහාය දෙනවා. එතුමා ආරක්‍ෂක රථ ගන්නේ නෑ. යනකොට පාරවල් වහන්නේ නෑ කිව්වා ඒක හොඳ දෙයක්.දැන් බලමු ඉස්සෙල්ල වාහන අරගෙන පස්සෙන් ගිලන් රථත් දාගෙන ගිය අයට මේක කොහොම දරාගන්න පුළුවන් වෙයිද කියලා. මේ වගේ දේවල් වලින් තමයි ඒ ගැටුම ආරම්භ වෙන්නේ.හැබැයි අපි පක්‍ෂයක් ලෙස අපි හැඩගෙහෙන්න ඕනා කොහොමද කියලා අපි හෙට තීරණය කළ යුතුයි. සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දීපු ඒ කණ්ඩායම හෙට එතුමාව මුණගැසෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වුණොත් රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩු පාලනයක් යටතේ ලබන මාර්තු මාසය වෙනකම් මේ පාර්ලිමේන්තුව පැවැත්විය යුතුයි. ඒ සඳහා අපි ඉඩදිය යුතුයි. අපි විපක්‍ෂයේ වාඩිවෙන්න ඕනෑ.එහෙම කරලා එතුමන්ලා කරන දේවල් අපි බලාගෙන සිටිය යුතුයි. අපිට පෙබරවාරි අන්තිම වනවිට පාර්ලිමේන්තු මැතිවරණයට යා හැකියි. නැතුව තුනෙන් දෙකකුත් දීලා විසුරවීමේ කිසිම වුවමනාවක් අපට නෑ.විපක්‍ෂයේ බහුතරය සිටින්නේ සජිත් පේ‍්‍රමදාස මහතා සමගයි. ඒ නිසා අපේ යුතුකම වන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා සමඟ නව ගමනක් ආරම්භ කරන්නයි. මොකද එතුමා එදා පැරදිලාත් මැතිවරණ කාර්යාලයට ගිහින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සුබ පැතුවා.අපි මේ ජනාධිපතිවරණයේදී ගෙදර ප‍්‍රශ්නෙ ඉවර වෙලා එනකොට ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පිරිස් ගමේ දෙපාරක් ඇවිදලාත් ඉවරයි. අපි ජනතාවට වැරැුද්දක් කියන්නේ නෑ.ඒත් අපේ පක්‍ෂයේ ඇතුලේම කෙනෙක් කියනවා. සජිත්ව ගෙනැල්ලා අපි පැරැුද්දුවාලූ. ඒ ගැන අපට දුකයි. ඒත් ඒ කියන අය නිසාම තමයි සජිත් පේ‍්‍රමදාස මහතාට මේ අවනඩුවට මුහුණ දෙන්න සිද්ධවුණේ. සජිත්ගේ කකුළෙන් ඇදපු අය නිසායි අපට මේ පරාජය විඳින්න වුණේ. කොහොම වුණත් අපි විපක්‍ෂයට ගිහින් නැවත දේශපාලනය ආරම්භ කළ යුතුයි.අපි මේක පරාජයක් ලෙස දකින්නේ නෑ. එක් කණ්ඩායමක් නිසා අපි පරාජයට පත්වුණා. ඒත් අපි ඉදිරි මහ මැතිවරණයකදී හොඳ, උගත්, මන්ත‍්‍රීවරු පත්කරගත යුතුවෙනවා.අපි රට වෙනස් කර ගමු. අලූත් සංස්කෘතියට අපි රට අරගෙන යමු. ඒත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග‍්‍රහණය කළහම ඒ අය රඟන්න හදනවා. මේ වගේ නසරාණියෝ පාර්ලිමේන්තුවට අවශ්‍ය වන්නේ නෑ. අපි අලූතින් හිතන අලූත් කණ්ඩායමක් එක්ක අපි අලූත් ගමනක් යනවා.විපක්‍ෂයේ සිට අපි ගෝඨාභය රාජපක්‍ෂ මහතාට නරක දේවල් වලට සහයෝගය දෙන්නේ නෑ.ඒ අතරේ අපි සජිත් පේ‍්‍රමදාස මහතා සමඟ ගමින් ගමට යනවා. අපිට එහිදී පක්‍ෂයෙන් ප‍්‍රශ්න ආවොත් විකල්ප බලවේගත් හැදේවි. එහෙමත් නැත්නම් අපට වෙන්නේ පැත්තකට වෙන්නයි.එහිදී අදහස් දැක්වූ මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතාමේ මැතිවරණයේ පොරොන්දු, ප‍්‍රතිපත්ති, සුදුසුකම් ආදී කිසිම දෙයක් ගැන සලකලා නෑ. සලකලා තියෙන්නේ, ජාතික ආරක්‍ෂාව, සිංහල බෞද්ධකමයි. මේ රටේ ජාතික ආරක්‍ෂාවට ප‍්‍රශ්නයක් වෙලා නම් ජනාධිපතිවරයාට පාර අයිනට ඇවිල්ලා වැඩභාර ගන්න පුළුවන් තත්ත්වයක් මතුවන්නේ නෑ.ඒ වගේම මේ රටේ සිංහල, බෞද්ධයන්ට ප‍්‍රශ්නයක් තිබුණේ නෑ. ඒත් මාධ්‍ය ආයතන කිහිපයක් එකතුවෙලා ස්වාමීන් වහන්සේලා කිහිපදෙනකු සමඟ මතයක් හැදුවා සිංහල - බෞද්ධයන්ට මේ රටේ තැනක් නෑ කියලා.මේ රටේ සිංහල බෞද්ධ මිනිස්සුන්ට අභියෝගයක් කළා ඒ පාර්ශ්වය ඒ නිසා ඊට පිළිතුරු වශයෙන් තමයි මේ ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය ලැබුණේ නැතුව සජිත් පේ‍්‍රමදාස මහතාගේ තිබෙන වැරැුද්දකට පිළිතුරක් ලැබුණා නොවෙයි.
0 Comments