ගෝඨාභයගේ රැස්‌වීමට අලි වෙඩි අරන් ඇවිත්

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව, මනම්පිටිය මෛත්‍රී ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රචාරක රැලියකට සහභාගි වීමට පැමිණ සිටි පිරිස අතරේ සිටි පුද්ගලයකු අලි වෙඩි දෙකක්‌ සමග ඊයේ (08 දා) සවස අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි.
 
 සැකකරු මනම්පිටිය, දළුකාන ප්‍රදේශයේ පදිංචිකරුවකු බව අනාවරණය වී ඇත.
 
 අලි වෙඩි සමග ඒ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ රැස්‌වීම ආරම්භ වීමට පෙර බව පොලිසිය සඳහන් කළේය.
 
 කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ සඳහා ඒවා රැගෙන ආවේද යන්න සොයා බලන බවත් යම් හෙයකින් රැස්‌වීම් භූමියේ එම අලි වෙඩි පුපුරුවා හැරීමක්‌ සිදුකළේ නම් විශාල අනතුරක්‌ සහ කලබැගෑනියක්‌ සිදුවීමට ඉඩ තිබූ බවත් විමර්ශන කටයුතු කරන පොලිස්‌ නිලධාරීහු පැවසූහ.
 
 පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී ධම්මික වීරසේකර මහතාගේ උපදෙස්‌ පරිදි පොළොන්නරුව මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එම්. එස්‌. එම්. ජරූල් මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි.

Post a Comment

0 Comments