මඩ ප‍්‍රහාර හමුවේ වුවත් නොසැලී ඉදිරියට යනවා- ගෝඨාභය රාජපක්‍ෂ

වසර පහක් බලයේ සිටියත් ජනතාවට සහ රටට කිසිදු සේවයක් නොකළ වත්මන් ආණ්ඩුවේ ඇතැම් පිරිස් ප‍්‍රතිපත්තිමය දේශපාලනයක නිරතව සිටින තමන්ට එරෙහිව ඉදිරි දින කිහිපය තුළ අසත්‍ය ප‍්‍රචාර ගෙන යෑමට සූදානමින්... 04 - පිටුවට

සිටින බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවැසීය.

මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සිදුකළ නොහැකි 14 සහ 15 යන දිනවල සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන පදනමක් නොමැතිව මඩ සහ අසත්‍ය ප‍්‍රචාර ගෙනයෑමට සැලසුම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ඊයේ (11 වැනිදා) මහනුවර සහ කුරුණෑගල දිස්ත‍්‍රික්කවල සංවිධානය කර තිබූ ජනහමු අමතමින් ඒ මහතා එසේ කීවේය.

මැතිවරණ පරාජය දරාගත නොහැකිව වියරු වැටුණු පිරිස් සිදුකිරීමට නියමිත කුමන්ත‍්‍රණකාරීන්ගේ සැලසුම්වලට නොරැුවටෙන ලෙසද ගෝඨාභය රාජපක්‍ෂ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ජනාධිපතිවරණ වේදිකාවේ තම ප‍්‍රතිපත්තිය පිළිබඳව මහජනතාව දැනුම්වත් කරමින් සිටින මෙවැනි අවස්ථාවක ප‍්‍රතිවාදී කණ්ඩායම් මෙසේ කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙළක නිරත වීම අනුමත නොකරන බවත් ඒ මහතා පැවැසීය.

ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සියලූ කටයුතු නීත්‍යනුකූලව විසඳාගෙන තිබෙන බව කී ගෝඨාභය රාජපක්‍ෂ මහතා මඩ ප‍්‍රහාර හමුවේ වුවද නොසැලී ඉදිරියට යන බව වැඩිදුරටත් සඳහන් කළේය.

Post a Comment

0 Comments