මන්නාරමේ ඡන්ද වර්ජනය නැවැත්තුවා - මන්නාරම රදගුරුතුමා සජිත්ට කියයි

මන්නාරමේ සියලූ ඡුන්දදායකයින්ට ඡුන්දය ප‍්‍රකාශ නොකොට මෙවර ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙස එක්තරා පිරිසක් ගෙන ගිය කඩා කප්පල් ව්‍යාපාරය මන්නාරමේ ආගමික නායකයින් එකතු වී වෙනස් කළ බව මන්නාරම රදගුරු ලයනල් එම්මානුවෙල් ප‍්‍රනාන්දු පියතුමා 8 වැනිදා සජිත් පේ‍්‍රමදාස මහතා සමග පැවසීය.

රදගුරුතුමා එසේ ප‍්‍රකාශ කළේ සජිත් පේ‍්‍රමදාස මහතා මන්නාරමේ ජන හමුවකට සහභාගී වීමෙන් පසුව මන්නාරම රදගුරුතුමා හමුවීමට ගිය අවස්ථාවේදීය.

මෙහිදී මන්නාරම රදගුරුතුමා කියා සිටියේ මේ කුඩා ශ‍්‍රී ලංකාව තුළ වෙසෙන පිරිස ජාති ආගම් වශයෙන් බෙදී වෙන් වී සිටීමට උත්සහ කිරීම මහා විනාශයක් බවයි.

පටු දේශපාලන වුවමනාවන් ඉටු කරගැනීමේ අපේක්ෂාවෙන් ජනතාවගේ ඡුන්ද අයිතියේ කැමත්ත බලෙන් උදුරා ගැනීමට නෛතික වශයෙන් හෝ සදාචාරාත්මක වශයෙන් කිසිඳු අයිතියක් කවර හෝ පාර්ශ්වයකට නොමැති බවද රදගුරුතුමා මෙහිදී කියා සිටියේය.

Post a Comment

0 Comments