ශ‍්‍රමන්ත නිදහස් කළේ ආගමික නායකයන් විද්වතුන් විනිසුරුවරුන් හා බොහෝ දෙනාගේ ඉල්ලීම මතයි


දොන් ශ‍්‍රමන්ත ජූඞ් ජයමහ යන අය වෙනුවෙන් ජනාධිපති සමාව ලබාදෙන ලෙස ආගමික නායකයන් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, නීතිඥයන්, සිවිල් සමාජ කි‍්‍රයාකාරීන්, තරුණ සංවිධාන ඇතුළු විවිධ පාර්ශ්ව විසින් ජනාධිපතිවරයා වෙත ලැබුණු ලිඛිත ඉල්ලීම් සහ නිර්දේශ සලකා බලා ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා කටයුතු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
 
 එම නිවේදනයේ මෙසේද දැක්වේ.
 
 රාජගිරිය, රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි 34 හැවිරිදි දොන් ශ‍්‍රමන්ත ජූඞ් ඇන්තනි ජයමහ යන අය සම්බන්ධයෙන් ඇති සාධනීය කරුණු සානුකම්පිතව සලකා බලා ජනාධිපති සමාවක් පිරිනමන ලෙස ආගමික නායකයින්, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්, නීතිඥයන්, සිවිල් සමාජ කි‍්‍රයාකාරීන්, තරුණ සංවිධාන ඇතුළු විවිධ පාර්ශ්ව විසින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත ලිඛිත ඉල්ලීම් සහ නිර්දේශ ඉදිරිපත් කරන ලදී.
 
 මෙම තරුණයාට ජනාධිපති සමාව ලබාදීම වෙනුවෙන් මූලිකත්වය ගෙන සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරමින් අවශ්‍ය මැදිහත්වීම හා සම්බන්ධීකරණ කටයුතු පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලද අතර, උන්වහන්සේ විසින් මෙම තරුණයාගේ දෙමාපියන් සහ ඥාතීන් ජනාධිපතිවරයා වෙත මුණගස්වා මේ පිළිබ`ද දීර්ඝ කරුණු දැක්වීමක් ද සිදුකරන ලදී.
 
 එසේම උන්වහන්සේ විසින් මේ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීමක් ද ජනාධිපතිවරයා වෙත යොමු කරමින් පෙන්වා දුන්නේ මෙයට අදාළ සිද්ධිය පේ‍්‍රම සම්බන්ධයක් පදනම් කරගෙන තරුණයෙක් හා තරුණියක් අතර ඇති වූ ආරවුලක් බවත්, ශ‍්‍රමන්ත ජූඞ් ඇන්තනි යන අය
 
 බන්ධනාගාරය තුළ යහපත් කල්කි‍්‍රයාවෙන් යුක්තව සිටීම මෙන්ම, බන්ධනාගාරගතව සිටිමින්ම බාහිර උපාධිය සාර්ථකව නිම කොට, ඉන් අනතුරුව මේ වන විට ආචාර්ය උපාධියට අදාළ අධ්‍යයන කටයුතු හදාරමින් සිටින බවත්, මෙම තරුණයා මනා පෞරුෂයකින් යුත් උගත්, බුද්ධිමත් තරුණයෙක් ලෙස පෙනී යන බැවින් මේ පිළිබඳ කාරුණිකව කරුණු සලකා බලා මොහුට ජනාධිපති සමාව ප‍්‍රදානය කරන්නේ නම් එය සාධාරණ හා මානුෂික කාරණයක් වනු ඇති බවත්ය.
 
 එසේම බුද්ධ දේශනාව අනුව යමින් කරුණා, දයානුකම්පාවෙන් යුක්තව මෙම කාරණය කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද, පූජ්‍ය අතුරලියේ රතන ස්ථවිරයන්වහන්සේ ජනාධිපතිවරයා වෙත කරුණු පෙන්වා දුන්හ.
 
 පූජ්‍ය බද්දේගම සමිත හිමියන් ද මෙම තරුණයාට ජනාධිපති සමාවක් ලබාදීම සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් ජනාධිපතිවරයාට කරුණු පෙන්වා දෙමින් කියා සිටියේ ඔහු යහපත් පුරවැසියකු ලෙසත්, උගත් පුද්ගලයකු ලෙසත් ඉදිරි කාලයේ දී හො`දින් කටයුතු කරන බව පෙනී යන බවත්, එම නිසා සානුකම්පිතව ශ‍්‍රමන්ත ජූඞ් ඇන්තනී වෙත ජනාධිපති සමාව ප‍්‍රදානය කිරිම කෙරෙහි සලකා බැලීම උන්වහන්සේ අගය කරන බවත්ය.
 
 දක්ෂිණ ලංකාවේ ද්විතීය අධිකරණ සංඝනායක ආචාර්ය පූජ්‍ය කෙරදේවල පුඤ්ඤරතන නායක ස්ථවිරයන් වහන්සේ ලිඛිතව ඉල්ලා සිටියේ බන්ධනාගාරයේ දඬුවම් ලබන වරද හැර වෙනත් වැරදි නොමැතිව, අධ්‍යාපනයෙන් පරිණතව, ස්වයං පුනරුත්ථාපනයකට ලක්ව රටට වැඩදායක පුරවැසියෙක් වීමට සිහින දකින තරුණ උගත් සිරකරුවන් පිළිබඳව ජනාධිපතිවරයාගේ කාරුණික අවධානය යොමු විය යුතු බවයි. එසේම පූජ්‍ය බලංගොඩ බුද්ධඝෝෂ ස්ථවිරයන් වහන්සේ ද මෙවැනි උගත් තරුණ සිරකරුවන් සම්බන්ධයෙන් සමාව දීම වැදගත් වන බව ජනාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා සිටියහ.
 
 දකුණු පළාත් කතෝලික පදවියේ රදගුරු රේමන්ඞ් වික‍්‍රමසිංහ රදගුරුතුමා ජනාධිපතිවරයා වෙත ලිඛිතව කරුණු දක්වමින් පෙන්වා දුන්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින තරුණ, ස්වයං පුනරුත්ථාපනයකට ලක්ව ඇති උගත් සිරකරුවන්ට සමාව දීම සම්බන්ධයෙන් උන්වහන්සේගේ ද ආශිර්වාදය හිමි වන බවය.
 
 හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය ජනාධිපතිවරයා වෙත මෙම නඩුව සම්බන්ධයෙන් දීර්ඝ කරුණු සහිත ලිපියක් ම`ගින් පෙන්වා දුන්නේ මෙම ශ‍්‍රමන්ත ජූඞ් ඇන්තනි යන අය මේ වන විටත් වසර 15කට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටින බවත්, ඔහු බන්ධනාගාරය තුළ සිටියදීම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ මුල්‍ය සම්බන්ධව බාහිර උපාධියක් සම්පූර්ණ කර ආචාර්ය උපාධිය අපේක්ෂාවෙන් ශ‍්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියක් හදාරමින් සිටින බවත්, ඔහුගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සලකා බලා, ඔහු ගත කර ඇති සිර දඬුවම් කාලය ද සලකා සානුකම්පිත පදනමින් ඔහුට සමාව ප‍්‍රදානය කිරීම සාධාරණ වන බවයි.
 
 ඊට අමතරව නීතීඥ මහේෂ් මඩවල, නීතිඥ නාලනී මනතුංග, නීතිඥ නිල්රුක් ඉහළකති‍්‍රගේ, නීතිඥ කුමුදු නානායක්කාර යන නීතිඥවරුන් ද ගාල්ල වැලිවත්ත විජයානන්ද විහාරයේ විජයානන්ද සමාජ සේවා සංවර්ධන පදනම, උණවටුන රූමස්සල නව ජීවන අමද්‍යප හඬ යනාදී සිවිල් සංවිධාන ද ශ‍්‍රමන්ත ජූඞ් යන අයගේ දෙමව්පියන් ද සානුකම්පිත පදනම මත ඔහුගේ යහපත් කල්කි‍්‍රයාව සහ නිදහස් පුද්ගලයකු ලෙස ඉදිරියේ දී සමාජයට හා රටට විය හැකි යහපත සලකා බලා ඔහුට සමාව ප‍්‍රදානය කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
 
 එසේම කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ පිහිටුවන ලද විශ‍්‍රාමලත් විනිසුරුවරයකුගෙන් සැදුම්ලත් විශේෂ ති‍්‍රපුද්ගල කමිටුවක් ම`ගින් බන්ධනාගාරය තුළ ශ‍්‍රමන්ත ජූඞ් ඇන්තනී යන තරුණයාගේ යහපත් කල්කි‍්‍රයාව හේතුකොටගෙන ඔහු වෙත පනවා තිබූ මරණ ද`ඩුවම ජීවිතාන්තය දක්වා සිරද`ඩුවමක් බවට පත් කර තිබූ අතර, මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය මඟින් විවිධ ක්ෂේත‍්‍රවල උසස් නිලධාරීන් පිරිසකගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් මගින් කරන ලද නිර්දේශ සහ අදහස් ද ජනාධිපතිතුමා විසින් සලකා බලන ලදී.
 
 මේ සියලූ කරුණු සලකා බලා ශ‍්‍රමන්ත ජූඞ් යන අයගේ කල්කි‍්‍රයාව සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ද වාර්තා ලබා
 
 ගනිමින් සහ වෙනත් අදාළ රාජ්‍ය ආයතනවලින් ද ඉදිරිපත් කරන ලද නිර්දේශ සහ කරුණු සලකා බැලීමට ජනාධිපතිතුමා කි‍්‍රයා කරනු ලැබීය.
 
 මෙම වරද සිදු වූ 2005 වසරේදී ශ‍්‍රමන්ත ජූඞ් ඇනත්නී යන අය වයස අවුරුදු 19ක ඉතා යොවුන් වියේ පසුවූ අයෙකු වීමත්, මෙම සිදුවීම ඝාතනයක් සිදුකිරීමේ චේතනාවෙන් සිදුවූවක් නොව ක්ෂණික කෝපය හා ආවේගශීලිභාවය මත සිදුවූ සිදුවීමක් වන බවට කරුණු වාර්තාවීමත්, අදාළ තරුණයා බන්ධනාගාරගතව සිටි වසර 15කට ආසන්න කාලය තුළ දී යහපත් කල්කි‍්‍රයාවෙන් යුක්තව සිය උසස් අධ්‍යාපන කටයුතු නිම කරමින් ආචාර්ය උපාධියක් දක්වා අධ්‍යාපනය ලැබීමට පශ්චාත් උපාධි අධ්‍යාපන කටයුතුවල නිරතව සිටීමත්, ඔහු අධ්‍යාපනයෙන් සහ අත්දැකීම්වලින් පරිණතව, ස්වයං පුනරුත්ථාපනයට ලක් වී ඇති බවට වාර්තා වීමත්, දඬුවම් විඳින වරද හැර වෙනත් පෙර වැරදි නොමැති අයකු බවට වාර්තා වීමත්, තවමත් 34 හැවිරිදි තරුණයකු වන ඔහුට යහපත්, උගත් පුද්ගලයකු ලෙස රටට සේවය කිරීමට ඇති හැකියාවත්, ලෝකයේ වෙනත් රටවල ද මෙවැනි ආකාරයේ සිරකරුවන් සම්බන්ධයෙන් සානුකම්පිත පදනම මත තීරණ ගන්නා බව වාර්තාවීමත් යනාදී කරුණු සලකා බලා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා සිටි ශ‍්‍රමන්ත ජූඞ් යන අයට ජනාධිපති සමාව ප‍්‍රදානය කිරීමට ජනාධිපතිවරයා තීරණය කරන ලදී.
 

Post a Comment

0 Comments