රෝයල් පාර්ක් විත්තිකරුට ජනපති සමාව දීම හෙළා දකිනවා... අනුර කුමාර නිවේදනයකින් කියයි

අධිකරණයක් විසින් නිසි පරිදි සිදුකරන ලද නඩු විභාගයකින් අනතුරුව දෙනලද දඬුවමක් ජනාධිපතිවරයා විසින් එක් පෑන් පහරකින් කපා හැරීම වූ කලී රටේ නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධිපත්‍ය හා නීතිය කෙරෙහි ජනතාව තුළ පවත්නා ගරුත්වය සහ පිළිගැනීම අහෝසි කර දමන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
 
 රෝයල් පාර්ක් ඝාතන සිදුවීමේ වරදකරු වූ පුද්ගලයාට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් නිදහස ලබාදීම නීති විරෝධී මෙන්ම අසාධාරණ සහ අයුක්ති සහගත සිදුවීමක් ලෙස හෙළා දකින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
 
 අනුර කුමාර දිසානායක මහතා නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.
 
 අප මේ අත්දකින්නේ මුදල් සහ සමාජ පන්තිය විසින් මෙහෙයවනු ලබන පාලකයන්, නීතිය සියල්ලන්ටම එක හා සමානව කි‍්‍රයාත්මක වන්නේය යන මූලික මූලධර්මයට අභියෝග කරන විනාශකාරී, ¥ෂිත රාජ්‍ය තන්ත‍්‍රයක ප‍්‍රතිඵලයයි.
 
 ශී‍්‍ර ලංකාවේ ඉතිහාසය ගත් විට, මිනී මැරුම් සඳහා වැරදිකරුවන් වූ තැනැත්තන්ට ජනාධිපති සමාව ලබාදුන් ප‍්‍රථම අවස්ථාව මෙය නොවේ. හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින් මිනීමැරුම් සහ ස්තී‍්‍ර ¥ෂණ සඳහා සිරදඬුවම් ලබමින් සිටි ගෝනවල සුනිල්ට සමාව ලබාදීමත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් මිනීමැරුම් සඳහා සිරදඬුවම් ලබමින් සිටි හිටපු අමාත්‍ය බිරිඳක් වූ මොනිකා ප‍්‍රනාන්දුට සමාව ලබාදීමත් මෙම අනීතික පාලකයන් පිළිබඳ අමිහිරි ඉතිහාසයට එක්වී ඇති බව අමතක නොකළ යුතුය. එහෙයින් මෙය නීතියේ ආධිපත්‍යය සහ සමාජ සාධාරණත්වය පාගා දමමින් මේ තාක් පත්වූ පාලකයන් ගෙන ගිය සුපුරුදු කි‍්‍රයා පිළිවෙතකි.
 
 නීතිගරුක සහ යහපත් සමාජයක් ඔසවා තබන කුලූනු තුනෙන් එකක් ලෙස අප විශ්වාස කරන්නේ නීතියේ ආධිපත්‍යයි. මෙවර ජනාධිපතිවරණයේදී අප විසින් ජනතාවට ඉදිරිපත් කළ ‘දේශයේ අපේක්‍ෂාව’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ පැහැදිලිව සඳහන් එක් ප‍්‍රතිපත්තියක් වන්නේ ‘අධිකරණයක් විසින් හෝ වෙනත් ව්‍යවස්ථාපිත අධිකාරියක් මගින් නියම කරන දඬුවමක් ලිහිල් කිරීමේ ජනාධිපතිවරයා සතු බලතල අහෝසි කිරීමයි.’ (පිටුව 94* එමගින් ජනාධිපතිවරයාද ඇතුළුව සියලූ මහජන නියෝජිතයන් විශේෂ වරප‍්‍රසාද රහිත මහජන සේවකයන් බවට පත් කිරීමේ අරමුණ සාක්‍ෂාත් කර ගැනීමට අප බලාපොරොත්තු වන අතර, කාන්තාවන්, ළමයින් ඇතුළු සියලූ පුරවැසියන්ට සුරක්‍ෂිත,
 
 නීතිගරුක රටක් බිහි කිරීමට එය දායක වනු ඇතැයිද විශ්වාස කරමු.
 
 එහෙයින්, ජනාධිපතිවරයාගේ මෙම අත්තනෝමතික කි‍්‍රයා පිළිවෙත හෙළා දකින පොදු සිවිල් සමාජ හඬට කන් දෙමින්, එම තීරණය යළි සලකා බලා අහෝසි කිරීමට කටයුතු කරන මෙන් අපි මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන්ද ඒ සඳහා මැදිහත් වන මෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ නීතිඥ සංගමය ඇතුළු

Post a Comment

0 Comments