අතිනවීන පහසුකම්වලින් සමන්විතව ඉදිකරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් හෙට (08) විවෘත කෙරෙණු ඇති. යුධ, නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදා මූලස්ථානයන් එකම ස්ථානයක ස්ථානගත කිරීමේ අරමුණින් පැලවත්ත, අකුරේගොඩ අක්කර 77ක භූමි භාගයක ඉදිකෙරෙනු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදා මූලස්ථානය සඳහා මුල්ගල් තැබුණේ 2011 මාර්තු මස 11 වන දිනයි. මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 53.3 ක් වන අතර ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වු විශාලතම ගොඩනැගිලි ව්‍යාපෘතිය ලෙස ඉදිකිරීම් ක්‍රියාත්මක වූවා.අති නවීනතම තාක්ෂණික පහසුකම්වලින් මෙය සමන්විත අතර අති නවීන තාක්ෂණික ආරක්ෂණ ක්‍රමවේදයන්ගෙන් ද මෙම සංකීර්ණය සන්නද්ධ වීම විශේෂත්වයක්.හීට සිදුකෙරෙන මෙම විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයට අයත් දැනට දිවයිනේ විවිධ ප්‍රදේශ තුළ ව්‍යාප්තව පවතින ප්‍රධාන කාර්යාල කඩිනමින් මෙම සංකීර්ණය තුළ ස්ථාපනය කෙරුනු ඇති අතර යුද හමුදා මූලස්ථානයේ විවිධ අංශ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ස්ථාපනය කිරීම වෙනුවෙන් කුලියට ලබාගන්නා ලද ගොඩනැගීලි සඳහා මාසිකව වැය කෙරෙනු රුපියල් මිලියන 50කට අධික මුදල ඉතිරි කර ගැනීමට ඒ තුළින් හැකියාව ලැබෙනු ඇති. |
0 Comments